ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

March 5, 2026   09:23 am

අද (05) අලුයම ඉරානයෙන් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව එරට හදිසි සේවය උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කර තිබේ.

පැය දෙකක් තුළ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ජෙරුසලමේ පිපිරීම් හඬ ඇසුණු බවද වාර්තාකරුවන් පවසා ඇත.