ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 72ක් මරුට - සිය ගණනකට තුවාල
March 4, 2026 10:39 pm
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 437 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය සනාථ කර තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දේශසීමා ගැටුම් යළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ දකුණු ප්‍රදේශයට සහ බීරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවලට යළිත් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.
එමෙන්ම ලෙබනන වැසියන්ට වහාම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇති ඊශ්‍රායල හමුදාව, ලෙබනන භූමිය තුළ නව හමුදා මුරපොළවල් ද ස්ථාපිත කරමින් සිටින බව වාර්තා වන බව විදේස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
