header logo
Vallibel FD
උණුසුම් පුවත්
යුදමය තත්ත්වයෙන් මෙරටට සිදුවන බලපෑම සහ එය කළමනාකරණය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Mar 04, 202605:12 PM
යුදමය තත්ත්වයෙන් මෙරටට සිදුවන බලපෑම සහ එය කළමනාකරණය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Mobitel 1278

මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම සහ එය කළමනාකරණය කරගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්ව උපකල්පනය කළ නොහැකි වුවත්, සෑම ක්ෂේත්‍රයකම මතුවන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඉන්ධන සහ ගෑස් සම්බන්ධව ඉදිරියේදී මතුවිය හැකි අභියෝග සහ අවශ්‍ය තොග කළමනාකරණය කර ගැනීම පිළිබඳව මෙන්ම, සංචාරක, අපනයන, ආයෝජන ආදී අංශවලද ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව මතු විය හැකි තත්ත්ව සහ එමඟින් මෙරට උද්ධමනයට ඇති විය හැකි බලපෑමත් එය කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කර ගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වයට සහ සාමාන්‍ය ජන ජිවිතයට ඇති වන බලපෑම අවම කර ගනිමින් උද්ධමනය පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

දැනට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වුවද, ඉදිරියේදී මතු විය හැකි අවදානම හමුවේ අවශ්‍ය තොග පවත්වා ගැනීම සහ එය කළමනාකරණයත්, ලෝක වෙළෙඳපොළේ සිදුවීමට නියමිත ඉන්ධන මිල උච්ඡාවචනයත් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, මෙම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සොයා බැලීය.

ගෑස් සංචිත පවත්වාගෙන යාමේදී ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා මතුව ඇති ගැටලු සහ ඊට විසඳුම් සෙවීම පිළිබඳව මෙන්ම, ඒ වෙනුවෙන් කෙටිකාලීනව අනුගමනය කළ හැකි උපායමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

සූවස් ඇළ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ස්ථාන වසා දැමීමෙන් නාවුක ගමනාගමනයට සිදු විය හැකි බාධා හේතුවෙන් කොළඹ වරායට ඇතිවිය හැකි බලපෑම අවමව තබා ගැනීම වෙනුවෙන් දීර්ඝකාලයක් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන නාවුක සමාගම්වල ඉල්ලීම පරිදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

දැනට ප්‍රමාණවත් ආහාර සංචිත රට තුළ පවතින අතර, ඉදිරියේදී මතු විය හැකි අවදානම සලකමින් අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් සකස් කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.

දැනට බලපෑමට ලක්ව ඇති සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට වගබලා ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන යුරෝපා කලාපයේ සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ මැදපෙරදිග හරහා වන බැවින් මෙරට සංචාරක කර්මාන්තය අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් ගුවන් ගමනාගමනයේදී ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බව සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර, ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් පැහැදිලි කර තිබේ.

ආයෝජන ක්ෂේත්‍රයේ මතු විය හැකි අවස්ථා ග්‍රහණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා, එහිදී සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අතර, දත්ත මධ්‍යස්ථාන වැනි නව තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන ආයෝජන දිරි ගැන්වීම සඳහා සහන පැකේජයක් සකස් කිරීමටත්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සොයා බැලීමටත් මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana