ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් ගුවන්තොටුපළ ගුවන් ගමන් ක්‍රමයෙන් යළි ආරම්භ කිරීමට සූදානම්

ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් ගුවන්තොටුපළ ගුවන් ගමන් ක්‍රමයෙන් යළි ආරම්භ කිරීමට සූදානම්

March 3, 2026   09:33 pm

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වූ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ, ගුවන් ගමන් ක්‍රමයෙන් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ.

ගුවන්තොටුපොළ පාලක අධිකාරිය සඳහන් කරන්නේ, ඊශ්‍රායල ගුවන් සීමාව බදාදා සිට බ්‍රහස්පතින්දා දක්වා අදියර දෙකක් යටතේ ක්‍රමයෙන් විවෘත කිරීමට නියමිත බවය.

පළමු අදියර යටතේ පැයකට එක් මගී ගුවන් ගමනක් පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, දෙවන අදියරේදී පැයකට මගී ගුවන් ගමන් දෙකක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ. 

කෙසේ වෙතත්, දෙවන අදියර ආරම්භ වන නිශ්චිත කාලරාමුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ඉරානයට එල්ල වූ අමෙරිකා-ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ආරම්භ වීමත් සමඟ සෙනසුරාදා දින ඊශ්‍රායලයේ ගුවන් සීමාව සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කර තිබුණි.