header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි
Mar 03, 202603:14 PM
මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි
Mobitel 1278

මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි.

මේ වන විට මැදපෙරදිග කලාපයේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගුවන්සේවා ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව අද (03) අමාත්‍යාංශ පරිශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පැමිණීමට නියමිත ගුවන්වාර 107ක් සහ පිටත්වීමට නියමිත ගුවන්වාර 98ක් ආදී වශයෙන් සම්පූර්ණ ගුවන්වාර 205ක් අවලංගු වී ඇති බවය.

එමෙන්ම මෙම ගුවන්වාර අවලංගු වීමත් සමග මෙරට තුළ රැඳී සිටින සංචාරකයින් සඳහා සති දෙකක වීසා දිගුවක් ලබා දීමට පියවර ගත් නමුත් ඔවුන් මෙම තත්ත්වය සමග ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය දක්වාම වීසා පහසුකම් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පවතින තත්ත්වය තුළ ඇතැම් ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් ගුවන් මගීන් දුෂ්කරතාවට පත් වූ බවත් ඒ අනුව එම ගුවන් නැවත සකස් කිරීම සඳහා සම්පූර්ණ ගුවන් ප්‍රවේශපත්‍ර අවලංගු කිරීමට සිදුවනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පැවසුවේ මෙහිදී කිසිදු අවස්ථාවක අතිරේක මුදලක් අය කිරීමකින් තොරව අවලංගු වූ ප්‍රවේශපත්‍ර සඳහා මුදල් නැවත ගෙවීමට සහ වෙනත් ගුවන් ගමනක් සඳහා එය පරිවර්ථනය කිරීමේදී ඒ සඳහාද අතිරේක මුදලක් ගෙවීමකින් තොවර අවශ්‍ය පහසුකම් ලබා දීමටද සියලු ගුවන් සමාගම් මෙහිදී එකඟ වූ බවය.

එමෙන්ම යුරෝපය සඳහා ගුවන් ගමන් දැනට ආරම්භ කර ඇති නමුත් මැද පෙරදිග කලාප මගහරිමින් විකල්ප ගුවන් මාර්ග ඔස්සේ මෙම ගුවන් ගමන් ගමන් ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැයවීම හේතුවෙන් තත්ත්වය සමනය වන තුරු ගුවන්වාරවලදී ගුවනින් ගෙන යන පාර්සල් සීමා කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා,

"මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුදමය වාතාවරණයත් සමග සිවිල් ගුවන්සේවාවට ඇතිවෙලා තියෙන තත්ත්වය තවදුරටත් සමනය වෙලා නැහැ. ඒ නිසා මේ කලාපවල ගමනාන්ත වෙත ගමන් කරන ගුවන් ගමන් තවදුරටත් අවලංගු කරන්න ඒ ඒ ගුවන් සමාගම් සහ සිවිල් ගුවන් සමාගම් විසින් තීරණය කරලා තිබෙනවා.

අද උදෑසන වන විට පැමිණීමට නියමිතව තිබූ ගුවන් වාර 107ක්, පිටත්වීමට නියමිත ගුවන් වාර 98ක් ආදී වශයෙන් සම්පූර්ණ ගුවන්වාර 205ක් අවලංගු වෙලා තිබෙනවා. මැදපෙරදිග කලාපයේ ඕමානය, සෞදි අරාබිය වගේ කලාප ගුවන් සේවාවන් විවෘත කරලා තිබුණත් ඒවායේ සම්පූර්ණ සිවිල් ගුවන් කටයුතු ආරම්භ කරන්න අවස්ථාව සැලසිලා නැහැ. නමුත් සමහර ගුවන් සේවාවන් ඒ කලාපය හරහා ගුවන් ගමන් ආරම්භ කරන්න මේ වන විට කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම සීමාවට ලක්වෙලා තිබෙන සමහර ගුවන් කලාප, උදාහරණ හැටියට අබුඩාබි, සාජා, ඩුබායි වගේ කලාප සීමිත කාලයක් සඳහා විවෘත කරලා තිබෙනවා. නමුත් ඒ සඳහා කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ විශේෂිත ගුවන් යානා සඳහා පමණයි. සාමාන්‍ය ගුවන් සේවා ඒ හරහා ආරම්භ කරන්න හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම අද දවසේ සිවිල් ගුවන් සේවා සමාගම් අමාත්‍යාංශයේදී රැස්වෙලා සාකච්ඡා කළා එහිදී තීරණ කිහිපයකට අපි එළැඹුණා. විශේෂයෙන් මේ සඳහා අපි තීරණය කළා ගුවන් මගීන්ගේ වීසා අපි දැනටමත් සති දෙකකට දික් කිරීමට තීරණය කරලා තිබෙනවා. ඒ තත්ත්වය තව දුරටත් වැඩි කරලා ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ වීසා පහසුකම් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශයත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවත් සමග එකතු වෙලා කටයුතු කරන්න තීරණය කළා.

ඒ වගේම ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් තිබුණා විවිධ රටවල රැඳිලා ඉන්න ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඉන්න ගුවන් මගීන් ලංකාවට ගෙන්වා ගන්න මැදිහත් වීමක් කරන්න කියලා. ඒ සඳහා අවශ්‍ය කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ ඒ රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙමින් ඒ සඳහා අවශ්‍යවන පහසුකම් ලබා දීමේ කටයුත්ත කළ යුතුයි කියන ඉල්ලීම ආවා. ඒ අනුව අපි විදේශ කටයුතු අමාත්‍යාංශයත් සමග ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ වෙනකොට ලංකාව තුළ රැඳිලා ඉන්න විදේශීය රටවල්වල, එංගලන්තය, ජර්මනිය ආදී නොයෙක් රටවල්වල රැඳිලා ඉන්න ගුවන් සමාගම්, ඔවුන්ගේ ගුවන් සම්බන්ධතාව තිබුණේ මැදපෙරදිග කලාප හරහා. ඒ ගුවන් සේවාවන් බලාපොරොත්තු වෙනවා විශේෂිත ගුවන් යානා මගින් ඒ අය තමන්ගේ රටවලට යවන්න. ඒකට අවශ්‍ය වන පහසුකමත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලබා දෙන්න කටයුතු කළා.

මේ තත්ත්වය නිසා සමහර ගුවන් ගමන් අවලංගු වීමත් එක්ක සමහර අයගේ ගුවන් ටිකට්පත් නැවත වරක් රී ශෙඩුයුල් කරගන්න ඕනේ. ඒ වගේම සමහර සම්පූර්ණ ටිකට්පත් අවලංගු කරන්න වෙනවා. මේ කිසිම අවස්ථාවක අතිරේක මුදලක් අයකරන්නේ නැතිව අවලංගු කිරීමේදී සම්පූර්ණ මුදල ආපසු ලබා දීමත්, ඒ වගේම ගුවන් ගමන් නැවත වෙනත් ගුවන් ගමනක් බවට පරිවර්ථනය කිරීමේදී කිසිම අතිරේක මුදලක් අයකරන්නේ නැතිව ඔවුන්ට ඒ පහසුකම ලබා දෙන්නත් ඒ සියලුම ගුවන් සේවා සමාගම් අපිත් එක්ක එකඟ වුණා.

ගුවන් සමාගම්වලින් විමසීමක් කළා ලංකාව තුළ මේ ඇතිවන තත්ත්වයත් එක්ක ගුවන් යානා සඳහා අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණවත්ද කියලා. අපි ඛනිජ තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කළා අපිට එහිදී දැනගන්න ලැබුණා කිසිම ගැටලුවක් නැහැ ඉදිරි දින 50ක ආසන්න කාලයක් සඳහා ගුවන් යානා ඉන්ධන කිසිම හිඟයක් නැතිව ලංකාව තුළ ලබා දීමේ පහසුකම් අපිට තිබෙනවා කියලා.

ඒ වගේම යුරෝපයේ විශේෂයෙන්ම ලන්ඩන් සහ පැරිස්වලට යන ශ්‍රී ලංකන් ගුවන් යානා දැනට කටයුතු ආරම්භ කරලා තිබෙනවා. නමුත් මැදපෙරදිග කලාප මගහරිමින් විකල්ප ගුවන් මාර්ග ඔස්සේ තමයි මේ යානා ගමන් කිරීම සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ගුවන් කාලයට අමතරව පැයක වගේ අතිරේක කාලයක් මේ සඳහා වැය වෙනවා වැඩි ඉන්ධන ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වෙන නිසා ඒ ගුවන්වාරවලදි පාර්සල්වල යම්කිසි සීමා කිරීමක් ඇතිකරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ අනුව අපි හිතනවා මැදපෙරදිග තත්ත්වය සමනය වන තුරු විකල්ප ක්‍රියාමාර්ග අරගනිමින් හැකිතාක් දුරට බණ්ඩාරණායක ගුවන් තොටුපළත් මත්තල ගුවන්තොටුපළත් සමග සිවිල් ගුවන්සේවා කටයුතු සඳහා අපි මැදිහත් වීමෙන් කටයුතු කරනවා."

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ