ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 31ක් මරුට
March 2, 2026 01:44 pm
ඊශ්‍රායලය විසින් ලෙබනනට එල්ල කළ ප්‍රහාරවලින් එරට පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බේරුට් සහ දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 149 දෙනෙකු ද තුවාල ලබා ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට සහ ඉරාන අධ්‍යාත්මික නායක අලි කමේනි ඝාතනයට එරෙහිව ඊශ්‍රායලයට ප්‍රහාර දියත් කළ අතර ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටද ඊශ්‍රායලට කටයුතු කළේය.
එමෙන්ම ලෙබනනයේ නගර රැසක ජනතාවට ඉන් ඉවත් වන ලෙසද ඊශ්‍රායලය දැනුම් දී තිබූ අතර ඒ මෙම හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමටය.
ප්‍රහාර දියත් කරමින් ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ තම රටේ ආරක්ෂාව උදෙසා ඕනෑම පියවරක් අනුගමනය කිරීමට තමන් සූදානම් බවය.
ඊශ්‍රායලය එල්ල කළ මෙම ප්‍රහාරයත් සමගම ඊශ්‍රායල ආරක්ෂක අංශ මාණ්ඩලික ප්‍රධානී ඊයල් සමීර් සඳහන් කර ඇත්තේ ලෙබනනයට එල්ල කරනු ලබන මෙම ප්‍රහාර දින කිහිපයක් පුරාවට පවතිනු ඇති බවය.
හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ප්‍රහාරාත්මක මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ආරක්ෂාකාරීව පමණක් නොව ප්රහාරයටත් මේ වන විට ඊශ්‍රායලය යොමු වන බවත් ඔහු සඳහන් කර තිබේ.
