මැද පෙරදිග සිදුවන්නා වූ අර්බුදකාරී වාතාවරණය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?
March 1, 2026 04:48 pm
මැදපෙරදිග සිදුවන්නා වූ මෙම අර්බුදකාරී වාතාවරණය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද යන්න දේශපාලන විශ්ලේෂක මහාචාර්යය ටියුඩර් වීරසිංහ මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.
දෛනික ලෝක තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 100ක් වන අතර මින් විශාල ප්‍රමාණයක් මැද පෙරදිග කලාපයෙන් නිපදවන බව ද මෙය අවහිර වීම මගින් ලෝක ආර්ථිකයට විය හැකි වෙනසක් ලෙස තෙල් හා ගෑස් මිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් ඇති බව ඔහු සඳහන් කරයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ ටියුඩර් වීරසිංහ මහතා,
"අපේ තේ ඉරානයට විශාල විදියට යැවෙනවා. අරාබි රටවල්වලට අපනයනයන් කරනවා. ඒ තත්ත්වයන් තුළ මේ යුද්දේ නිසා එම කටයුතු ඇණහිටින්න පුළුවන්. දැනටමත් රටවල් අතර තියෙන ගුවන් ගමන් බොහෝ අවලංගු කරලා තියෙනවා. මේ තත්ත්වය තුළ ලෝක ආර්ථීකයටත්, වෙළඳාමටත්, ජාත්‍යන්තර සම්බන්ධතාවලටත් තීරණාත්මක බලපෑමක් ඇති වෙන්න පුළුවන්"
