එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්
February 28, 2026 08:18 pm
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට අනවශ්‍ය ගමන් යාමෙන් වැළකී සිටින ලෙසට ශ්‍රී ලංකාවේ එරට තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.
ඔවුන් මෙම ඉල්ලීම සිදු කළේ, මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
එමෙන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමන කරන ලෙසත් එම කාර්යාලය ඉල්ලා සිටියි.
තානාපති කාර්යාලයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර යුදමය තත්ත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් නිකුත් කරන බව ද ඔවුන් නිවේදනය කරයි.
හදිසි අවශ්‍යතාවක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට +971509318538 යන වට්ස්ඇප් දුරකතන අංකය හරහා දැනුම්දිය හැකිය.
