යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි

යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි

February 28, 2026   09:23 am

වෙඩිතබා සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු විදෙස්ගතව සිට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඊයේ (27) දින කටාර් රාජ්‍යයේ සිට ගුවන් මගින් දිවයිනට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

2022.03.24 දින කඩවත පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට T56 ගිනිඅවියකින් වෙඩිතබා මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකර තිබුණි.

මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති අතර පසුව ඇප ලැබීමෙන් සැකකරු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විදෙස්ගතවී තිබේ.

ඒ අනුව සැකකරුට රතු නිවේදන නිකුත් කර තිබී ඇත.

ඔහු වයස අවුරුදු 32ක් වන සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

කඩවත පොලිසිය සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.