නවසීලන්තයත් අවදානමේ දමා එංගලන්තයට සටන්කාමී ජයක්
February 27, 2026 10:42 pm
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි කරමින් සුපිරි 8 වටයේ අද (27) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් විය.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 160ක ඉලක්කය තරගයේ අවසන් පන්දුවාරයේදී පන්දු 3ක් ඉතිරිව තිබියදී (19.3) පසුකර යෑමට එංගලන්තයට හැකිවිය.
මෙම තරගය නවසීලන්තය ජයගත්තා නම් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (28) පැවැත්වෙන තරගයේ කුමන ප්‍රතිඵලය ලැබුවත්, පාකිස්තානයට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවීමට තිබුණි.
ඒ අනුව පාකිස්තානයට තවමත් අවසන් පූර්ව වටය විවෘතව ඇත.
හෙට පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 64කින් හෝ ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය පන්දුවාර 13.1කට අඩුවෙන් සම්පූර්ණ කළහොත් පාකිස්තානයට අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරගත හැකිවනු ඇත.
