ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

February 27, 2026   08:25 pm

ජර්මනියේ සියලු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

ඒ අනුව සියලුම බස් රථ, ට්‍රෑම් රථ සහ දුම්රිය සේවාවල නිරත වෘත්තිකයින් මෙලෙස දින දෙකක වර්ජනයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සති අන්ත වැඩ සදහා දීමනා සහ වැටුප් ලබා නොදීම ඇතුළු සේවා කොන්දේසි කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ජර්මනිය පුරා ප්‍රවාහන සේවාවල නිරත පුද්ගලයින් ලක්ෂයක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.