header logo
SLIC
උණුසුම් පුවත්
පාස්කු ප්‍රහාරය සිදු වූ දා දෙමටගොඩ නිවසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ සම්බන්ධයෙන් දුන් නියෝගය
Feb 25, 202606:47 PM
පාස්කු ප්‍රහාරය සිදු වූ දා දෙමටගොඩ නිවසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ සම්බන්ධයෙන් දුන් නියෝගය
EDEX

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදු වූ අවස්ථාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වූ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස්හි නිවසේ පදිංචිව සිටි දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපළ ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් යන අයට සතියක් ඇතුළත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදුකර ඇත්තේ විරෝධතා ගොනු කිරීමට සාධාරණ කාලයක් ලබාදීමෙන් අනතුරුව බව කී මහෙස්ත්‍රාත්වරයා එසේ නොකරන්නේ නම් අධිකරණයට අගෞරව කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නෛතික පියවර ගන්නා බවද කීවේය.

පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් සිදුකරමින් මියගිය ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්, දෙමටගොඩ නිවසේ පිපිරී ගිය බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් දෙදෙනගේ සොහොයුරු සහ දෙමටගොඩ නිවසේ පිපුරුණු බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ජිෆ්රි ෆාතිමා යන අයගේ මස්සිනා වන ඉෆ්ලාල් අහමඩ් යන අය එම භාණ්ඩ තමන්ට අයත් බවත් එම භාණ්ඩ මුදා හරින ලෙසත් නීතිඥවරයෙකු මාර්ගයෙන් සිදු කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගය සිදු කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයෙක් සිදුකළ නියෝගයක් සම්බන්ධයෙන් තවත් විනිසුරුවරියක් වාර්තාවක් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් සිදු කර ඇතත් එම නියෝගයත් නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව කී මහෙස්ත්‍රාත්වරයා සතියක් තුළ එකී භාණ්ඩ මුදා හරින ලෙසට නියෝග කර සිටියේය.

"මෙම නියෝගය සිදු කිරිමට පෙර පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා දැක්වීමට සාධාරණ කාලයක් ලබා දී තිබෙනවා. එහිදී කිසිදු කරුණක් දක්වා නැහැ. පූර්වාගාමී මහෙස්ත්‍රාත්වරයා සිදුකර ඇති නියෝගය සම්බන්ධයෙන් ඉන් පසුව මෙම අධිකරණයේ කටයුතු කළ පූර්වාගාමී මහෙස්ත්‍රාත්වරයා හමුවේ එම භාණ්ඩවලට අයිතිවාසිකම් කියමින් එමත්, එම පාර්ශවය සිදුකළ ඉල්ලීමක් සලකා බලා වාර්තාවක් කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කර තිබියදී එම නියෝග නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදින් සතියක් තුළ මෙම භාණ්ඩ ඉල්ලීම්කාර පාර්ශවයට මුදා හැරීමට කටයුතු කළ යුතුයි. අධීකරණ නියෝග පැහැර හැරීම, මග හැරීම මත අධිකරණයට අපහාසයක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පියවර ගන්නවා" යැයි සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

එම භාණ්ඩ මේ වනවිට මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වමින් ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදි මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම භාණ්ඩ සතියක් තුළ මුදා හැරිය යුතු බවය. මෙය බරපතළ අනතුරුදායක් තත්තවයක්. අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම අපරාධ නීතිය යටතේ බරපතළ වරදක්, යැයි කී මහෙස්ත්‍රාත්වරයා අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට සිදු වන බවද අවධාරණය කර තිබේ.

එසේම අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර නිතිපතිවරයාගේ උපදෙස් පැතීම වැරදි ක්‍රිායවක් යැයිද අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන ජුනි මස 17 කැඳවන ලෙස නියෝග කළේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කොළඹ ෂැංග්‍රිලා හෝටලයට සිදු කරමින් මියගිය තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නොහොත් මොහොමඩ් අබු උබෙයිදා නොහොත් මොහොමඩ් සහරාන් ඔහුගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර මෙහි ඇතැම් සැකකරුවන්ට අධි චෝදනා ගොනු කර ඇති අතර ඇතැම් සැකකරුවන් නිදහස් කර ඇත.

ඒ. එච්. එම්. රිෆාස් සහ මොහොමඩ් නිලාම් යන අය ඇප මත මුදා හැර ඇති අතර නඩුව විවෘතව කැඳවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana