සෝමාවතිය මාර්ගයේ රථ වාහන ධාවනයට තවදුරටත් බාධා
February 24, 2026 10:52 am
සෝමාවතිය - සුංගාවිල ප්‍රධාන මාර්ගය තවදුරටත් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය කටයුතු කර තිබේ.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් කිලෝමීටර් 35ත් 37ත් අතර ප්‍රදේශයක් අඩි 21/2ක් පමණ තවදුරටත් ජලයෙන් යටවී ඇත.
සෝමාවතිය - සුංගාවිල මාර්ගය භාවිත කර, සෝමාවතිය පුදබිමට පැමිණීමට බලාපොරොත්තු වන ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දන්වා සිටී.
