header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් සාමාන්‍යාධිකාරිවරයාට චෝදනා
Feb 23, 202605:53 PM
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් සාමාන්‍යාධිකාරිවරයාට චෝදනා
Mobitel 1278

උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවත් රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කිරීම සඳහා කිසිදු සැලසුමක් නොමැති බවටත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ දිට්වා නිසා හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය මැදිහත්වී නව ද්විත්ව පාලමක් සකස් කිරීමට ප්‍රථමයෙන් යෝජනා වුවද පසුව පැරණි පාලම නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබු බවය.

එසේම රජය විසින් 2026 අප්‍රේල් මාසයේදී මහනුවර බලා දුම්රිය ධාවනය කරන බවට ප්‍රකාශ කළේය.

නමුත් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) විසින් රජයේ මැදිහත්වීම මත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්බන්ධ වුවද ඔවුන් විසින් සිදුකරන ලද කටයුතු මේ දක්වා සිදු කෙරුණ ද, එම කටයුතු දුම්රිය ඉංජිනේරු තාක්ෂණික කමිටුව විසින් අවශ්‍ය පරිසාධන මට්ටමේ නොමැති බවට මත පළකිරීම හේතුවෙන් පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව නැවත මෙම පාලමේ ඉදිරි කටයුතු පිළිබඳව යළිත් වාර්තාවක් කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යෝජනා කොට ඇති බව සඳහන් වේ.

එමෙන්ම එම සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපය මෙම ගැටලු ඇති වීමට හේතු වී ඇති බවය.

දුම්රිය සාමාන්‍යාධිකාරි රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු පත් කර තිබීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගතව ඇති බවටත් ඔවුන් චෝදනා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන බව පෙන්වීම සඳහා ඉතා සරළ තර්කයක් මත පදනම්ව දුම්රිය ධාවනය අඩුකිරීම මගින් වියදම් අවම කර ගැනීමට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් කටයුතු කරමින් සිටින බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.

දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදහස් ලබා දීමේ හැකියාවක් නොමැති වීම සහ සෙසු නිලධාරීන්ගේ අදහස් ශ්‍රවණය කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් කටයුතු නොකිරීම හේතුවන් වත්මන් රජය අපකීර්තියට ලක්වෙනවා සේම දුම්රිය භාවිතා කරනු ලබන දුම්රිය මගීන් ද දැඩි ලෙස පිඩාවට පත්වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

එබැවින් දිට්වා නිසා දිසු වූ මාර්ග යලි ප්‍රතිසංස්කරණ කිරීම උදෙසාත් මෙම ගැටලුකාරි තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව, දුම්රිය සේවය කඩිනමින් යථාතත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කර මේ වන විට විශ්‍රාම ගෙන ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ සේවය කළ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර දුම්රිය ධාවනය කඩිනමින් යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසට එම සංගමය අදාළ වගකිවයුතු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJOpHGGLFV9KHnnNR7-FBkx1eNzEdm0NztP1pHzyQMG8YntQlR4255L3ECYyMzDHmuG6dsRrUKn19FePjJemI6cuPkOtwC3tvwJJolyVccOQuxpgZJ7V62sLT4T0VRgmPPta3TgWz888gyHQ4lTHEAeI74xvsgenm304qUR2nvYFdssMttPudNIo_NApnF/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmbcmjg2UPVEyTmuffjspDXuPxkv0zrifJ4hYeOfcxG6b5Yu80p7bqkbwJe2jRmY4d7dQeEIgMQfviWOlmMw0H5DUfJN-oSWAN-6K6ekJ6E1NOY54f6xDW2Ifl5FELw4r5B8VSO8CC9fUk0BiKYtEDmnJUnoEbNGMy-GOGqbvfPxjq6-CCB0wyLcqNIBq8/s1600/2.jpg

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana