නිවසක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ  සැකකරුවෙකු අත්අඩංගුවට

නිවසක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

February 23, 2026   07:42 am

මීගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 25,50,000ක් වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වන පුවක්වත්තහේන, මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සන්තකයේ තිබී සොරාගන්නා ලද රන් මාල 04ක්, රන් මුදු 03ක්, පංචායුධයක්, පෙන්ඩනයක්, මුදල් රුපියල් 18,770ක් හා රන් භාණ්ඩ උකස් කරන ලද බිල්පත් 03ක් පොලිස් භාරයට ගෙන ඇත. 

මීගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.