මෛත්‍රී වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද CIDයට?
February 20, 2026 06:01 am
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක් සිදුකර තිබේ.
කෙසේ නමුත් ඇයට අද දිනයේ ඒ සඳහා පෙනී සිටීමට නොහැකි බවට එම කොට්ඨාශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
නොපැමිණීමට නිශ්චිත හේතුවක් වාර්තා නොවන අතර, සෞඛ්‍ය හේතුන් මත නොපැමිණෙන බව සඳහන්ය.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට ලබාදුන් අදාළ කැඳවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 18 වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව ඇය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතව තිබුණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මෙලෙස කැඳවීමක් සිදුකර ඇති බව සඳහන්ය.
