ජනපති රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි
February 19, 2026 09:46 pm
නවදිල්ලි නුවර පැවැත්වෙන "AI Impact 2026" සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුකර තිබේ.
අද (19) පස්වරුවේ මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා, භූතානයේ අගමැති Tshering Tobgay යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.
එමෙන්ම අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
