header logo
SLIC
උණුසුම් පුවත්
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
Feb 17, 202607:34 PM
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
Mobitel 1278

තලංගම අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් වූ අදාළ සොහොයුරන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කළේය.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකූලරත්න සහ නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය යන මහත්වරුන් ඇතුළු නීතීඥයන් සියයකට ආසන්න පිරිසක් අධිකරණයෙහි පෙනී සිට නමුත් විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු ඉදිරිපත්වී සිටියේ නැත.

අනතුරුව සැකකරුවන් දෙදෙනා පැය 48ක් දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව ඊට අධිකරණයෙන් අවසර හිමිවිය.

මේ අතර අදාළ ඝාතනය සඳහා භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළ ගිනිඅවි දෙක ප්‍රවාහනය කිරීම සඳහා අදාළ තරුණයන් දෙදෙනාට උපදෙස් ලබාදුන් "පොල්ගස්ඕවිට ඩිලා" නැමැත්තාව බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය අද අත්අඩංගුවට ගනු ලැබිය.

28 හැවිරිදි සැකකරු පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් අතර ඔහු "මෝදර නිපුන"ගේ හා "මල්වානේ ටුටූ" නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙක් බව පොලSසිය පැවසුවේය.

මොහුද අත්අඩංගුවට පත් වූ තරුණයන් දෙදෙනා සමග ගිනිඅවි වෙඩික්කරුවන්ට ලබාදීමට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මේ අතර අදාළ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය බද්දේගම, අගලිය ප්‍රදේශයේ පාළු ස්ථානයක ගිනිතබා තිබියදී පොලීසිය පසුගියදා සොයාගනු ලැබීය.

ඒ අනුව අදාළ මෝටර් රථය අද පෙරවරුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂා කර තිබුණි.

තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී ඉකුත් සිකුරාදා (13) පස්වරුවේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කළේය.

අනතුරුව බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේය.

කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත මෝදර නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණි.

මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු දැක්වෙන සීසීටීවී රූපරාමු පෙළක් අද දෙරණට ලැබුණි.

එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් වූ එක් තරුණයෙකු ඔවුන් පැමිණි මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙන අයුරුය.

අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට ගමන් කරයි.

ඒ අතරතුරදී අදාළ නීතීඥවරයාද එම මාර්ගයේ පැමිණෙන අතර පසුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බව පොලීසිය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ