කළුතර වෙඩිතැබීමට සම්බන්ධ බවට සැක කරන යතුරුපැදිය බණ්ඩාරගමින් හමුවෙයි

කළුතර වෙඩිතැබීමට සම්බන්ධ බවට සැක කරන යතුරුපැදිය බණ්ඩාරගමින් හමුවෙයි

February 15, 2026   10:48 am

කළුතර - වස්කඩුව වාඩිය මංකඩ ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රීයේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

මෙම යතුරුපැදිය අද (15) පෙරවරුවේ බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය ආසන්නයේ වෙල්යායක් අසලදී හමුවූ බව පොලීසිය සඳහන් කරයි. 

ඒ මත කළු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් සහ යතුරුපැදිය අසල බිම කළු පාටට හුරු රෙදිවලින් මැසූ නවතම ජැකට්ටුවක් ද පොලීසිය සොයාගෙන ඇත.

ඊට අඩි කීපයක් දුරින් ඇති වෙල්යාය අසල කහ පාටට  හුරු හාල් උරයක දමා තිබූ සපත්තු යුගලක් ද හමුවී තිබේ. 

අපරාධ ස්ථාන පරිශ්‍රනාගාර නිලධාරීන් සහ ඇඟිලි සටහන් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

යතුරුපැදිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.