මාරක අනතුරු දෙකක් - තිදෙනෙකුට දිවි අහිමි වෙයි
February 15, 2026 08:55 am
මාතර සහ දමන යන ප්රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ දමන පොලිස් වසමේ පැමිණිගම ප්රදේශයේදී යතුරුපැදියක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී එක් අනතුරක් සිදුව ඇති බවය.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු යන දෙදෙනාම මියගොස් ඇති අතර ඔවුන් 20 හැවිරිදි සහ 22 හැවිරිදි වියේ පසුවන අක්කරයිපත්තුව ප්රදේශයේ පදිංචිව සිටි අය බව වාර්තා වේ.
මෘත ශරීර අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා අම්පාර රෝහලේ ප්රථිකාර ලබන බව පොලිසිය පැවසීය.
මේ අතර මාතර පොලිස් වසමේ මඩිහ ප්රදේශයේදී, මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ද පැදිකරු එම ස්ථානයේම මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කෝට්ටගොඩ ප්රදේශයේ පදිංචිව සිටි අයෙකු වේ.
