header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදෙස්ගත ලාංකිකයන් වෙනුවෙන් හඳුන්වා දුන් e-BMD ව්‍යාපෘතියෙන් 8,027දෙනෙකුට ප්‍රතිලාභ
Feb 14, 202603:58 PM
විදෙස්ගත ලාංකිකයන් වෙනුවෙන් හඳුන්වා දුන් e-BMD ව්‍යාපෘතියෙන් 8,027දෙනෙකුට ප්‍රතිලාභ
Mobitel 1278

රජය විසින් ක්‍රියාවට නංවා ඇති පොදු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් e-BMD පද්ධතිය මේ වන විට තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක සාර්ථකව ක්‍රියාත්මක වන අතර එය ආරම්භ කළ පළමු වසරේදීම පුද්ගලයන් 8,027ක් සෘජු ප්‍රතිලාභ ලබා තිබේ.

රාජ්‍ය සේවය ජනතාවට වඩාත් සමීප කරවීමේ රජයේ වැඩපිළිවෙළට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2025 ජනවාරි 06 වනදා රටවල් 07ක නියමු ව්‍යාපෘතියක් ලෙස e - BMD ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබිණි.

පසුව 2025 පෙබරවාරි 07වනදා සිට විදෙස් තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක් දක්වා එම සේවාව ව්‍යාප්ත කෙරිණි.

මෙමගින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත් තම රටට අදාළ තානාපති කාර්යාලය හෝ මහ කොමසාරිස් කාර්යාලය මගින් සෘජුවම ලබා ගත හැකිය.

නෛතික පිළිගැනීමකින් යුතුව මෙම සහතික පත් නිකුත් කිරීම සිදු වන අතර, මේ සඳහා නැවත ලංකාවට පැමිණීම හෝ දීර්ඝ කාලීන ක්‍රියාවලියක නිරතවීම තවදුරටත් අවශ්‍ය නොවේ.

එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, මැලේසියාව, ඉන්දියාව ඇතුළු යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු කලාප රැසක වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම සේවාව ක්‍රියාත්මක වේ.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ සේවාවන් ඩිජිටල්ල්කරණය කර තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල සෘජුවම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කිරීම මගින් ලේඛනවල විශ්වසනීයත්වය සහ ආරක්ෂාව තහවුරු කරමින් ලේඛන සැකසීමේ කාලය විශාල වශයෙන් අඩු කර තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය මගින් ලබාදෙන තත්‍ය කාලීන (Real-time) තාක්ෂණික සහාය හේතුවෙන්, තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල මෙහෙයුම් ගැටලු විසඳමින් බාධාවකින් තොරව මෙම සේවාව පවත්වා ගෙන යාමට හැකියාව ලැබී ඇත.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ