header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙට්‍රෝ බස් රථ සේවාව අගෝස්තුවේ සිට
Feb 12, 202605:31 PM
මෙට්‍රෝ බස් රථ සේවාව අගෝස්තුවේ සිට
Mobitel 1278

මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කළ යුතු බව ද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදයක් වෙනුවෙන් ආර්ථික තරඟකාරිත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාවය සහ ප්‍රවේශය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන කුළුණු 05 යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙන උපායමාර්ගික සැලැස්ම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් ලෙස Lanka Metro Transit බස් රථ සේවාව හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සම්පාදනය කරමින් තිබෙන අතර, මේ වසරේ අගෝස්තු මාසය වන විට මෙරටට බස් රථ පැමිණීමට නියමිත බවත් මෙහිදී සඳහන් කෙරිණි.

කොළඹ අවට ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන වැඩසටහන පසුව ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වෙතත්, ඉදිරි වසර 03 තුළ ප්‍රධාන නගර 08ක් දක්වාත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් වේ.

මෙම නියමු ව්‍යාපෘතිය මගින් කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව අවම කර, මගී ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ බස් ප්‍රමුඛතා මංතීරු හඳුනා ගැනීම සහ ඒවායේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවය.

මහජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා පවතින විසිරුණු බස් සේවාවන් වෙනුවට ප්‍රවාහන සමාගම් (ක්ලස්ටර් - Clusters) ක්‍රමවේදයක් කරා යා යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

"මිනිසුන්ට අවශ්‍ය වන්නේ තමන්ට හොඳ ප්‍රවාහන සේවාවක් ලැබීමයි; එය ලැබෙන්නේ කුමන ආකාරයකින්ද යන්න ඔවුන්ට වැදගත් නැහැ," යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

අපට ඇත්තේ සැලසුම් සහගතව ගොඩනැඟූ නගර නොව, කාලයත් සමඟ ගොඩනැඟුණු නගර බැවින්, පවතින නාගරික ව්‍යුහය තුළ ප්‍රවාහන කළමනාකරණය ඉතා පරිස්සමින් සිදු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, බස් ක්ලස්ටර් ක්‍රමය ස්ථාපිත කිරීම මෙම ගැටලුවට ඇති හොඳම විසඳුම බව සඳහන් කළේය.

එම ක්‍රමය යටතේ බස් හිමියන් වෙත බස් රථ යෙදවීම සදහා සමාගමක් ඇති කෙරෙන බවත්, එහිදී ලාභය පිළිබද ගැටලුවක් මතු වන්නේ නම් සමාගම සඳහා රජයෙන් සහනයක් ලබා දීමේ හැකියාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී බස් හිමියා සහ සමාගම අතර ගිවිසුමක් මෙන්ම අදාළ සේවාව අඛණ්ඩව ලබා දීම පිළිබඳ රජය සහ බස් සමාගම අතර ගිවිසුමකට එළැඹීමේ වැදගත්කමත්, අලුතින් බස් ගෙන්වා විශාල පිරිවැයක් දරනවාට වඩා එය පහසු කාර්යයක් වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සැලසුම් කිරීමේදී දුම්රිය සේවය කේන්ද්‍ර කර ගනිමින් අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් ඒ වටා ඒකරාශී කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කැලනි වැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම පිළිබඳව සහ අධිවේගි මාර්ග පද්ධතිය වෙනුවෙන් ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදයක් හඳුන්වාදීමේ සැලසුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත සේවකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

සේවකයන්ට නිසි ගෞරවයක් ලැබෙන පරිදි සහ ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව තහවුරු වන පරිදි සේවා කොන්දේසි සකස් කළ යුතු බවත්, විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විධිමත් පත්වීම් ලිපියක් ලබා දීම සහ විධිමත් සුබසාධන සේවාවක් සහතික කිරිමේ වැදගත්කමත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ස්ථානීය දඩ ක්‍රමය සහ ලකුණු කැපීමේ ක්‍රමය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර වසර 10ක් තිස්සේ රියදුරු බලපත්‍ර චිප් එකක් සහිතව නිකුත් කළ ද, එවැනි ලකුණු කැපීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කිසිදු තාක්ෂණික මෘදුකාංග පද්ධතියක් සකස් කර නොතිබූ බවත්, එය රැවටීමක් පමණක් බවත් අනාවරණය කෙරිණි.

දැන් Gov.pay මඟින් එම ක්‍රමවේදය නිවැරදි කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ අනුව මාස 6-7ක් ඇතුළත විධිමත්ව ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට හැකි වනු ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි.

ත්‍රීවිල් රථ, ටැක්සි සහ පාසල් වෑන් රථ නියාමනයට ක්‍රමවේදයක් සකස් කර තිබෙන අතර සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කෙරිණි.

සිසු සැරිය බස් රථ සේවාව ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර සිසුසැරිය වැඩසටහන වෙනුවෙන් 2025 වසරේදී රජයෙන් රුපියල් මිලියන 2200ක් වෙන් කර ඇත.

එයින් රුපියල් මිලියන 500ක් භාවිතයට නොගෙන නැවත හරවා එවා තිබෙන බවත් සඳහන් කෙරිණි.

ඒ අනුව සිසු සැරිය වැඩසටහන කාර්යක්ෂම කිරීම සහ සිසුන් වෙත සෘජුවම ප්‍රතිලාභ ලැබෙන අයුරින් පුළුල් කළ හැකි අන්දම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු ආයතන එක් වේදිකාවකට ගෙන එමින් ජාතික ප්‍රවාහන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

MostRead
Mobitel 1278
VideoStories
දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ