කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට
February 11, 2026 10:39 am
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද (11) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
ඒ අනුව, ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පරහදීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය.
මෙම තරගය තව සුළු වේලාවකින් අහ්මදාබාද් හිදී ආරම්භ වීමට නියමිතය.
මේ අතර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙයි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගය සවස 3.00ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.
එමෙන්ම එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.00 වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
