තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

February 9, 2026   07:03 am

තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය සඳහන් කළේ ඊයේ (08) සවස් කාලයේ හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් වූ පිටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරුට අයත් වගා භූමියක් තුළදී මෙම ඝාතනය සිදුවී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනයට හේතුව හා සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

හපුතලේ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.