header logo
Vallibel FD
උණුසුම් පුවත්
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය හෙට කැබිනට් මණ්ඩලයට?
Feb 08, 202601:26 PM
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය හෙට කැබිනට් මණ්ඩලයට?
Mobitel 1278

  1. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තියට අදාළ කැබිනට් යෝජනාව විෂය බාර අමාත්‍යවරයා විසින් හෙට (09) දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අදියර 05ක් යටතේ සිදුවන අතර ඉන් අදියර 04ක් මේ වන විට සාර්ථකව නිම කර තිබේ.

ඒ අනුව මූලික පැවරුම් සැලැස්ම, වාර්ෂික විදුලි ප්‍රසම්පාදන සැලැස්ම, දිගුකාලීන ජනන සැලැස්ම, දිගු කාලීන සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම යන අදියර එලෙස අවසන් කර ඇති බව විදුලිබල මණ්ඩල පරිවර්ථන කාර්ය සාධක බළකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් මහතා පසුගියදා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙහි අවසන් පියවර වන ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම සිදුකෙරෙමින් පැවතුණු අතර ඒ අනුව එය හෙට දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

විෂය බාර අමාත්‍යවරයා විසින් හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙන මෙම කැබිනට් පත්‍රිකාව සම්මත වීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට අදාළ ගැසට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

අදාළ ගැසට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව 1969 අංක 17 දරන විදුලි බල පනත අහෝසි වනු ඇති බවද වාර්තා වේ.

ඒ අනුව පෙබරවාරි මාසය අවසන් වන විට ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් ඈවර කිරීමේ දිනය නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදුවනු ඇත.

මේ අතර විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගත් තීරණය අනුව එම මණ්ඩලය සමාගම් 4කට බෙදා වෙන් කිරීමට පියවර ගත් අතර එම සමාගම් 4 සඳහා මේ වන විට පාලනාධිකාරියක්ද පත් කර ඇති බැවින් එම සමාගම් සඳහා අනුයුක්ත කර ඇති විදුලි බල මණ්ඩලයේ සේවකයින් ඉදිරි පියවරයන් සඳහා පාලනාධිකාරීන් සමග සාකච්ඡා කිරීමටද සූදානමින් සිටින බවද වාර්තා වේ.

එමෙන්ම නිකුත් කිරීමට නියමිත මෙම ගැසට් නිවේදනය මගින් මේ වන විට අර්බුදයකට ලක්ව ඇති විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසේ ගැටලුවද අවසන් වන අතර ඒ අනුව ඔවුන්ටද අදාළ ගැසට් නිවේදනය අනුව සේවයෙන් විශ්‍රාම ගැනීමේ පහසුකම් සැලසෙනු ඇත.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කළ පුද්ගලයින්ට වන්දි ගෙවීමේ කටයුතු ද ඒ අනුව සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව විදුලි බල මණ්ඩලයේ සේවකයින් 2,173 ස්වේච්ඡා විශ්‍රාම යෑමට ඉල්ලුම් කර තිබූ අතර පසුව එම විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදාළ විශ්‍රාම ගැන්වීමේ දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් නොවූ බැවින් එම සේවකයින් පිරිස දැඩි අර්බුදයකටද මුහුණ දෙමින් සිටියි.

එහිදී එම සේවකයින් විසින් අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධව ජනාධිපතිවරයා සහ බලශක්ති අමාත්‍යවරයා මෙන්ම මහනායක හිමිවරුන් වෙතද ලිපි යොමු කරමින් ඉල්ලා සිටියේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසත් ඒ සඳහා අවශ්‍ය වූ මැදිහත් වීම් සිදුකරන ලෙසත්ය.

කෙසේ නමුත් පසුගියදා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා මෙම සේවකයින් පිරිස වෙත දන්වා තිබුණේ ස්වෙච්ඡා විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින්ට අවශ්‍ය නම් පසුගිය ජනවාරි 30 වැනිදාට පෙර එම අයදුම්පත් නැවත ඉවත් කර ගත හැකි බවය.

ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් පිරිසෙන් 20කට අඩු ඉතා සුළු පිරිසක් එම ඉල්ලා අස්වීම යළි කැඳවිමට තීරණය කර ඇති බවටද වාර්තා විය.

ඒ අනුව සේවකයින් 2,153 දෙනෙකු සඳහා ස්වේඡාවෙන් විශ්‍රාම යාම සඳහා අනුමැතිය හිමිව ඇති අතර ඔවුන්ට හිමිවන වන්දි මුදල් ඉදිරියේදී ලබාදීමටද නියමිතව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana