header logo
Vallibel FD
උණුසුම් පුවත්
පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ සාකච්ඡාවක්
Feb 08, 202610:53 AM
පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ සාකච්ඡාවක්
Mobitel 1278

පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගීතාවයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලබයි.

නිශ්චිත කාල රාමුවකට අනුව, පසුගිය ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ සියලුම ක්ෂේත්‍රවලට සිදු වූ භෞතික හානි, ආර්ථික පාඩු සහ සමාජීය බලපෑම් පිළිබඳ දත්ත ක්‍රමානුකූලව රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ඇගයීම මෙම ක්‍රියාවලියට ඇතුළත් වේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජන ජිවිත, ඔවුන්ගේ ජීවනෝපායන්, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවන්ට දැඩි හානි සිදු වූ ' දිත්වා ' සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඇති වී තිබෙන මූලික පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම ඊට අදාළ දත්ත ඉදිරිපත් කිරීම මෙන්ම, ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි.

ක්ෂණික සහන සේවා කටයුතු නිම කිරීමෙන් අනතුරුව, ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ දිගු කාලීන නැවතගොඩ නැගීමේ කටයුතු ක්‍රමවත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බලකා වැඩසටහනට සමගාමීව ශක්තිමත් ප්‍රතිසාධන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබන බවය.

මෙම කාර්ය සාධක බලකාය අනුකමිටු අටකින් සමන්විත වන අතර, ඒ අනුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ කමිටුව අනෙකුත් කමිටු අධීක්ෂණය කරන ප්‍රධානතම කමිටුව ලෙස කටයුතු කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එහිදී නිශ්චිත කාල සීමාවක් තුළදී අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

සිදු වී ඇති හානි සහ අලාභ පිළිබඳ මූලික ඇස්තමේන්තු සකස් කිරීම, ප්‍රතිසාධන අවශ්‍යතා තක්සේරු කිරීම, සංවර්ධන ක්‍රියාවලිය සඳහා අදාළ පාර්ශ්වකරුවන් විසින් ලබා දිය යුතු සහයෝගීතාවයේ ස්වභාවය සහ ඒ අනුව ඇතිවිය හැකි සම්බන්ධීකරණ අභියෝග පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

ජාතික වශයෙන් ස්වභාවික ආපදා අවදානම් පිළිබඳ දැනුවත් කෙරෙන සහ එම ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි මෙන්ම, තිරසාර ප්‍රතිසාධන සැලැස්මක් සකස් කිරීමට හැකි වන පරිදි පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අන්තර් ආයතනික සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කරමින් මෙම සාකච්ඡාව නිමාවට පත්විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana