ජපාන මහ මැතිවරණය අද
සයුරෙන් එතෙර

ජපාන මහ මැතිවරණය අද

February 8, 2026   06:53 am

ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජපානයේ මිලියන 103ක ජන්දදායකයින් මෙවර මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට සූදානම්ව ඇති බවය.

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බවත් සඳහන්ව ඇත.

මත විමසුම් අනුව ජපාන අගමැතිනි සනයි තකයිචි ඉදිරියෙන් පසුවන අතර ඇයගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමග ඇතිකරගත් සන්ධානය තුළින් වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඇයට දිනාගත හැකි බවත් මත පළ වී තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමටත් සමග සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්වූවාය.

ඒ සඳහා ඇයට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක්ද ලැබුණු අතර එහිදී ඇය බලයට පත්වූයේ ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් පළමු අග්‍රාමාත්‍යවරිය ලෙසද වෙමිනි. 

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් මාස තුනකක් ගතවූ පසු පසගියදා ඇය එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.