header logo
SLIC
උණුසුම් පුවත්
ළමා අපචාර දාමයකට හසුවූ එප්ස්ටීන්ගේ ලිපිගොනුවල ශ්‍රී ලංකාවේ නමත්
Feb 07, 202607:50 PM
ළමා අපචාර දාමයකට හසුවූ එප්ස්ටීන්ගේ ලිපිගොනුවල ශ්‍රී ලංකාවේ නමත්
Mobitel 1278

ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අමෙරිකානු ජාතික එප්ස්ටීන් පිළිබඳ එරටදී ප්‍රසිද්ධ කළ නව ලිපිගොනු මාලාවේ ශ්‍රී ලංකාව පිළිබඳ ද ස්ථාන 182ක සඳහන් වේ.

කෙසේවෙතත් ඒ කිසිදු ස්ථානයකට මෙරට තුළ ඔහුගේ වැරදි සිදුකර ඇති බවක් සඳහන් වන්නේ නැත.

ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අමෙරිකාවේ වැරදිකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ නඩුවට අදාළ නව ලේඛන මිලියන ගණනක් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ ප්‍රසිද්ධ කරන ලදී.

ඒ සමඟ, මේ වන විට හෙළිවී ඇති, එප්ස්ටීන් හා සම්බන්ධතා පැවැත්වූ ලොව අතිශයින් ම ධනවත් හා බලවත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව තවදුරටත් දීර්ඝ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"එප්ස්ටීන් ලිපිගොනු" ලෙස හඳුන්වන ලද මෙම ලේඛනවල නවතම නිකුතුව ඉකුත් ජනවාරි 30 වන දින එළිදැක්වුණු අතර, එහි පිටු මිලියන තුනක්, ඡායාරූප 180,000ක්, වීඩියෝ 2,000ක් ඇතුළත්ය.

එමෙන්ම බිලියනපතියන් වන රිචඩ් බ්‍රැන්සන්, බිල් ගේට්ස්, ඊලොන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කිහිපයක් ද ඊට ඇතුළත්ව තිබේ.

එම ලේඛනවලට ඔවුන්ගේ නම් ඇතුළත් වූ පමණින් කිසියම් වරදක් සිදු කර ඇති බවට ඉන් ඇඟවෙන්නේ නැත.

එවන් පසුබිමක එප්ස්ටීන් ලිපිගොනු වල ශ්‍රී ලංකාව පිළිබඳ අවස්ථා 182ක සඳහන් වේ.

එහි දැක්වෙන ඔහුගේ ‘ලිට්ල් සේන්ට් ජේම්ස්" හෙවත් ඔහුගේ රහස් දූපත ගොඩනැගීම සඳහා ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ අසමසම නිර්මාණ ශෛලීය ආභාසය ගැනීමට උත්සාහා දරා ඇති බවය.

අධිකරණය හමුවේ හෙළි වූ ඊමේල් පණිවුඩවලට අනුව එප්ස්ටීන්ගේ සමීපතමයෙකු වන ජූලියන් ලීස් විසින් ජෙෆ්රි බාවාගේ සුවිශේෂී ගෘහ නිර්මාණවල ඡායාරූප ඇතුළත් විද්‍යුත් ලිපියක් ඔහු වෙත යොමු කර තිබේ.

ස්වභාවධර්මය සහ ගොඩනැගිලි අතර අපූරු සංයෝගයක් ඇති කරන බාවාගේ නිර්මාණ ශෛලීය, තම දූපත තුළ ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

ජූලියන් ලීස් යනු 80-90 දශකවල ප්‍රබල බ්‍රිතාන්‍යය ආයුධ වෙළෙන්දෙකු වූ ඩග්ලස් ලීස්ගේ පුත්‍රයා වේ.

එප්ස්ටයින්ගේ ලේඛන තුළ ජූලියන්‍ගේ නම සටහන්ව ඇත්තේ හුදු මිතුරෙකු ලෙස පමණක් නොව, එප්ස්ටයින් සමග ව්‍යාපාරික සාකච්ඡාවන් සිදුකළ සමීපතම හවුල්කරුවෙකු ලෙසය.

ජූලියන් ලීස් දිර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කරගෙන සිට ඇති බවද එම වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණ වෙයි.

කෙසේවෙතත් එප්ස්ටීන් හා ජූලියන් ලීස් මෙරට තුළ කිසිඳු අපරාධ ක්‍රියාවක් සිදුකර ඇති බවක් ආදළ වාර්තාවල නොමැති අතර ඒ පිළිබඳව මෙරට ආරක්ෂක අංශවලට ද අනාවරණ වී නැත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි