රාජකාරි අධික වූ කොස්තාපල් සටහනක් තබා පොලීසියෙන් පිටව යයි
February 7, 2026 07:01 pm
විවේකයක් නොමැතිව රාජකාරි කටයුතුවල යෙදවීම හා දැඩි මානසික පීඩාව හේතුවෙන් පොලීසියෙන් පිටත්ව ගිය කොස්තාපල්වරයෙක් සම්බන්ධයෙන් පුවතක් අලුත්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ, මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචි අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ සේවයේ නියුතුව සිටි අයෙකි.
අලුත්ගම පොලිසියට අනුයුක්තව රාජකාරී සිදු කළ එම නිලධාරියා අද (07) දහවල් රාජකාරිය විවේකයකින් තොරව යෙදවීම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව ඇත.
ඒ හේතුවෙන් ඔහුට රාජකාරිය සිදු කිරීමට නොහැකි බව පවසා පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ ඒ පිළිබඳව සටහනක් ද යොදා සිය පෞද්ගලික දේපළ ද රැගෙන පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
