header logo
SLIC
උණුසුම් පුවත්
හදිසි නීතිය දීර්ඝ කිරීම යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීමට පමණයි
Feb 06, 202609:49 PM
හදිසි නීතිය දීර්ඝ කිරීම යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීමට පමණයි
Mobitel 1278

හදිසි නීතිය දීර්ඝ කිරීම යළි ගොඩනැඟිමේ වැඩපිළිවෙළ වේගවත් කිරීමට පමණක් බවත් එය කිසිසේත් මර්දනීය උපකරණයක් ලෙස භාවිත නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානිවූ පවුල් සහ නායයෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් 'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ ඉඩම් ලබාදීම සහ නිවාස ඉදිකරගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීමේ අවස්ථාවට අද (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"දිට්වා සුළි කුණාටුවෙන් අපේ රටේ ජනතාවටත්, ආර්ථිකයටත් විශාල බලපැමක් ඇති වුණා. මෙවැනි විශාල ව්‍යසනයක් ඇති වූ විට රට යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැහැ.විශේෂ නීතියක් අවශ්‍යයයි."

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ නීති පැනවීම සඳහා අවශ්‍ය බලතල ලබා දී තිබෙනවා. මහජන ආරක්ෂක පනත තුළ විශේෂ නීති පැනවීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා. මෙවැනි ව්‍යසනයකදී ගොඩ ඒමට විශේෂ අධිකාරි බලය සහිත නීති අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි හදිසි නීතිය පණවනු ලැබුවේ. එහෙත් ඉතිහාසයේ හදිසි නීතිය බොහෝ විට උපයෝගී කර ගත්තේ වෘත්තීය සමිති ව්‍යාපාර අඩපණ කිරීම, මාධ්‍ය මර්දනය වැනි කටයුතු සඳහා. අපි හදිසි නීතිය ඒ වෙනුවෙන් උපයෝගි කරගෙන නැහැ. තවමත් මෙම ගොඩනැඟීමේ ක්‍රියාවලිය අවසන් කර නැති නිසා මූලික කටයුතු සම්පූර්ණ කරගන්නා තෙක් අපි හදිසි නීතිය ක්‍රියාත්මක කරනවා."

"එය කිසිසේත්ම මර්දන අවියක් ලෙස උපයෝගි කර නොගන්නා බවට මම සහතික වෙනවා. ඒ නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය, මිලදී ගැනීමේ, ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම මෙන්ම, රාජ්‍ය නිලධාරින්ට අවශ්‍යය ආරක්ෂාව ලබාදීම වෙනුවෙන් අපි හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමට කටයුතු කළා. මේ දිට්වා කුණාටුවෙන් විපතට පත් වූ, ඉතා වේගයෙන් ගොඩනැගිය යුතු ප්‍රදේශවලට අවශ්‍ය නීතිමය රැකවරණය අපි ලබා දෙනවා. එය කිසිසේත් මර්දනීය උපකරණයක් ලෙස භාවිතා කරන්නේ නැහැ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප