header logo
SLIC
උණුසුම් පුවත්
සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තය සුරකින්න - ධීවර අධ්‍යක්ෂ ජනරාල්
Feb 06, 202605:33 PM
සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තය සුරකින්න - ධීවර අධ්‍යක්ෂ ජනරාල්
Mobitel 1278

මාදැල් භාවිතය සම්බන්ධයෙන් නව නීති පනවා නොමැති බවත් පවතින නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් සිදු කරන බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව ප්‍රකාශ කළේ, ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරෙහිව ඇතැම් ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතා පිළිබඳව අදහස් දක්වමිනි.

1984 මාදැල් නියෝග මාලාවට අනුව මාදැල් කර්මාන්තය යනු යාන්ත්‍රික ක්‍රියාකාරකම්වලින් තොරව මිනිස් ශ්‍රමය පමණක් භාවිත කරමින් සිදු කළ යුතු සාම්ප්‍රදායික රැකියාවක් බව ඔහු සඳහන් කරයි.

දිවයිනේ ක්‍රියාත්මක මාදැල් 827න් අතිබහුතරයක් විශේෂයෙන් දකුණු පළාතේ ධීවරයින්, අදටත් ගැටලුවකින් තොරව මිනිස් ශ්‍රමයෙන් සාම්ප්‍රදායිකව කර්මාන්තයේ නිරත වන බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

වින්ච් යන්ත්‍ර සහ ට්‍රැක්ටර් භාවිතය හේතුවෙන් පාරිසරික හා සමාජීය ගැටලු පැන නැගී ඇති බව ද සුසන්ත කහවත්ත මහතා අවධාරණය කළේය.

නියමිත ප්‍රමාණයට වඩා දිගු දැල් සහ අධික බරැති පාරු යෙදීම හේතුවෙන් මුහුදු පතුල සූරාගෙන යාමෙන් කොරල්පර සහ මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වෙරළ තීරයේ බර යන්ත්‍ර භාවිතයෙන් වෙරළ ඛාදනය සහ වෙරළ පරිසර පද්ධති විනාශ වන බව සඳහන් වේ.

නියමිත සීමාව ඉක්මවා විශාල මුහුදු ප්‍රදේශයක් වට කිරීම හේතුවෙන් කුඩා ධීවර යාත්‍රා හිමියන්ට සහ වෙනත් ධීවරයින්ට රැකියාවේ නිරත වීමට බාධා ඇති වේ.

නවීන තාක්ෂණය භාවිත කරන බවට පවසමින් සිදු කරන්නේ නීතිවිරෝධී සහ පරිසර විනාශකාරී ක්‍රියාවක් වන අතර මේ නිසා සම්ප්‍රදායික ධීවර කර්මාන්තයත්, සමුද්‍රීය සම්පතත් රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බව ද ඔහු කියාසිටියේය.

ඒ හේතුවෙන් අනෙකුත් ධීවරයින්ට හෝ පරිසරයට හානි නොවන පරිදි, නීත්‍යානුකූල රාමුව තුළ හිඳිමින් මාදැල් කර්මාන්තයේ නිරත වන ලෙස දෙපාර්තමේන්තුව සියලු මාදැල් හිමියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට