header logo
SLIC
උණුසුම් පුවත්
මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්
Feb 06, 202602:43 PM
මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්
Mobitel 1278

දිට්වා සුළිකුණාටුවේ බලපෑම හමුවේ වුවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මනා විනයකින් යුතුව පවත්වාගෙන යමින් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය මැයෙන් අද (06) කොළඹදී පැවැත්වුණු සමුළුවක් අමතමින්.

අතිරේක වියදම්, රජයේ ණය ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලපෑම් කරන බවට විවාදයක් පවතින නමුත් පසුගිය වසර කිහිපයේ පැවති යහපත් ආදායම් උපයාගැනීම සහ මූල්‍ය විනය හේතුවෙන් රජයේ බැංකු දෙකෙහිම රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් පවත්වාගැනීමට හැකිව ඇති බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික අර්බුදයට පෙර රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක හිඟයක් පැවතියත් එය දැන් අතිරික්තයක් බවට පත්ව ඇති අතර මෙවන් ආර්ථික පීඩනයකට මුහුණදීමේදී එම මුදල් ප්‍රයෝජනවත් වූ බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙම ඉතුරුම් නිසා රජයට තවත් ණය ගැනීමට සිදු නොවුණු බවත් මෙම වසර තුළ බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනංවා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

උද්ධමනය මේ වනවිට 2%කට ආසන්න අගයක පවතින අතර සිය ඉලක්කය වන්නේ උද්ධමනය 5%ක මට්ටම ඉක්මවායාමට නොදී පවත්වාගැනීම වන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

''දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට කැපී පෙනෙන හානියක් සිදුව තිබෙනවා. නමුත් එම හානිය අපේක්ෂා කළ තරමට වඩා අවම අගයක්. ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා පවා වරෙක පැවසුවා එම හානි තක්සේරුව අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් කියලා. රජයට ඊට වඩා සියුම් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව නැවත ගොඩනැගීමේ වියදම බොහෝදුරට අපේක්ෂා කළ අගයට වඩා අඩු වෙන්න පුළුවන්. දිට්වා හි බලපෑමෙන් ආර්ථික වර්ධන වේගය පහත වැටෙන්න පුළුවන්. එම සංඛ්‍යාලේඛන නුදුරේදි ලැබෙයි. ලබන වසරේ සිට අපේක්ෂිත ලෙස 5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න හැකිවෙයි...

2028දී නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමට හෝ කඩාවැටීමක් සිදුවෙයි කියලා කියනවා. රජයට සේවා වියදම් ගෙවීමටත් නොහැකි වෙයි කියනවා. මම ඒක පැහැදිලි කරන්නම්. අපිට ණය ප්‍රතිව්‍යුහගතකිරීමකට යන්න වුණේ අපි ඉතිහාසයේ කවදාවත් ඩොලරයක් වත් ණය නොගෙවා ඉඳලා නැති නිසා.2025 වසරේදි අපේ සංචිත භාවිත කරලා අපි ඩොලර් මිලියන 3,934 ගෙවා අවසන් කළා. මේ වගේ වැඩකට නැති කතා නිසා සිදුවන්නේ ආයෝජකයින්ගේ මනසේ රට ගැන අනවශ්‍ය සැකයක් ඇතිකරන එක. තවත් පිරිසක් කියනවා දිට්වා හානිය නිසා අපි ණය ගෙවන එක නවත්වන්න ඕන කියලා. මේ වගේ දේවල් ගැන තර්ක කරන්නේ ආර්ථිකය යළි කඩාවැටෙනවට කැමති අය වෙන්න ඕන. රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා. ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවතියාට වඩා හොඳ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපේ ගිණුම්වල මුදල් තිබියදී හරියට ස්වෙච්ඡාවෙන්ම ණය පැහැරහරින්නෙක් වගේ අපි ගිහින් කියනවා නම් අපි නම් ණය වාරික ගෙවන්නේ නැහැ කියලා, එවන් රටවල කවුරුත් නැවතත් ණය ලබාදෙන්නේ නැහැ. සමහරු කියන්නේ නිසි දැනුමක් නැතිව, සමහරු මේවා කියන්නේ ආර්ථිකය කඩා වැටෙයි කියලා බලාගෙන. මම හේතුව දන්නේ නැහැ.''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප