header logo
SLIC
සයුරෙන් එතෙර
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
Feb 06, 202612:04 PM
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
Mobitel 1278

ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වේ.

මෙම නිතිවිරෝධී පතල ප්‍රාන්ත අගනුවර වන ෂිලොන්ග් සිට කිලෝමිටර් 72ක් දුරින් පිහිටි වනාන්තර ප්‍රදේශයක පිහිටා ඇත.

කෙසේ නමුත් මෙම පතල ක්‍රියාත්මක කළ පුද්ගලයින් මෙතෙක් ඉන්දිය පොලීසිය විසින් හඳුනාගෙන නොමැති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කරන බවද ඉන්දිය පොලීසිය සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් මේඝාලය ප්‍රධාන අමාත්‍ය කොන්රාඩ් සංග්මා නිවේදනය කර ඇත්තේද මෙම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වෙත දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවය.

මේ අතර සිද්ධිය සම්බන්ධව අවධානය යොමු කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මියගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් සහ මූල්‍යාධාරයක් පිරි නැමීමටද තීරණය කර තිබේ.‍

ඒ අනුව මියගිය පුද්ගලයින් සඳහා ඉන්දිය රුපියල් ලක්ෂ 2ක සහ තුවාල ලැබූවන් සඳහා ඉන්දිය රුපියල් 50,000ක මූල්‍යාධාරයක්ද ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දන්වා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ දැඩි පාරිසරික හානිය, භූගත ජලය දූෂණය වීම සහ මිනිස් ජීවිතයට බරපතළ අවදානම් ඇති බැවින් ඉන්දීය ජාතික හරිත විනිශ්චය සභාව විසින් 2014දී මේඝාලයේ මෙම නීති විරෝධී කැණීම් තහනම් කර ඇති බවය.

කෙසේ නමුත් තහනම නොතකා බොහෝ ප්‍රදේශවල මෙම නීති විරෝධි කැණීම් සිදුව ඇති අතර මේ හේතුවෙන් මාරාන්තික අනතුරු කිහිපයක්ද පසුගිය කාලය තුළ වාර්තා වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ