header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හිටපු ජනපති මහින්දගෙන් නිදහස් දින සුබපැතුම්
Feb 04, 202612:15 PM
හිටපු ජනපති මහින්දගෙන් නිදහස් දින සුබපැතුම්
Mobitel 1278

නිදහස් දිනය යනු මාතෘ භූමියට නිදහස උදා කරගැනීමේ මතක සැමරුමක් බවත් එය ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමගේ ස්වාභිමානයේ සැමරුම වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදට (04) යෙදී තිබෙන 78 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් නිදහස් දින සුබපැතුම් එක්කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, නිදහස් දින සැමරුම සාමාන්‍ය සරල උත්සවයක් නොව එය දේශයක අභිමානය ලොවට විදහාපාන අවස්ථාවක් වන බවය.

අද දිනය නිදහස් පොළොවක් දිනා දීම වෙනුවෙන් බොහෝ දේ විඳ දරාගත් අතීත මිනිසුන් සිහිපත් කරන දිනයක් බවද සඳහන් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නිදහස් අභිමතාර්ථ වෙනුවෙන් කැප කිරීම් කළ විරුවන් අගයන දිනයක් වන බවද සඳහන් කර සිටී.

රට රකින ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු නිල දරුවන්ගේ වීරත්වය සහ අභිමානය විඳින මෙන්ම එම වීරත්වයට ගරු කරන දිනය වන්නේ ද අද වැනි නිදහස් දිනය බව සඳහන් කර සිටින මහින්ද රාජපක්ෂ මහතා උපන් බිමට ආදරය කිරීමට දරුවන්ට කියා දෙන අවස්ථාව මෙය බවද පවසයි.

78 වන නිදහස් සමරු දිනයේ දී ප්‍රෞඪ අභීත ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ආදරණීය ජනතාවට නිදහස් සහ ගෞරවනීය ජාතියක් ලෙස ඉදිරියට යාමට සුබපැතුම් පිරිනමා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව 2010 වසරේ දී ශ්‍රී දළදා මාළිග පරිශ්‍රයේ සමරන ලැබූ 62 වන නිදහස් සැමරුම තම මතකයේ හොඳින් රැඳී පවතින බවද සිය නිදහස් දින සුබපැතුමේ සඳහන් කර තිබේ.

- උපුටා ගැනීම -

1815 මාර්තු 02වන දින බිම හෙළු අප මාතෘ භූමියේ ධජය නැවත ඔසවනු ලැබූයේ 1948 පෙබරවාරි පැවති ප්‍රථම නිදහස් දින සැමරුම් උත්සවයේදීය. ඉතිහාසයේ සඳහන් වූ සහ නොවූ මාතෘ භූමිය වෙනුවෙන් ජීවත් වූ සහ මියගිය අභීත මිනිසුන් රැසකගේ කැප කිරීම් මතින් සිංහ ධජය නැවතත් මාතෘ භූමිය මත ලෙළදිණි.

මා ජනාධිපති ධුරය දරනු ලැබූ කාල පරාසය තුළ පැවති නිදහස් දින සැමරුම්හි දී ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් යුතුව එසවූයේ එම ජාතික ධජයයි. ඒකීය රටක් තුළ මා අභිමානයෙන් යුතුව එසවූයේ භේදයකින් තොරව අප දේශයේ සියලු ජනතාව නියෝජනය කරනු ලබන ජාතික ධජයයි.

ජනතාව ඉදිරියේ ජන අධිපති ලෙස ද, රට රකින නිල දරුවන් ඉදිරියේ සේනාධිනායකයා ලෙස ද ජාතික ධජය එසවූ එම සෑම අවස්ථාවක දීම මට මගේ රට පිළිබඳව දැනුණු අභිමානය වචනයෙන් විස්තර කළ නොහැක.

තමා උපන් රටට ආදරය සහ ගෞරව ‌කරන ජාතික නායකයෙකුට මෙය දැනිය යුතුම ය. අභිමානයෙන් යුතුව තම රට ගැන සිතීම, එක් අතකින් තමා උපන් භූමියට සහ තමා නියෝජනය කරනු ලබන පුරවැසියන්ට සිදු කරනු ලබන ගෞරවයකි. නිදහස් සටනට පුරෝගාමී වූ දේශප්‍රේමීන් මා අද දිනයේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. සිංහල, දෙමළ, මුස්ලිම් යන සැම එක්ව නිදහස් දේශයක් දිනා ගත්හ.

දේශ, ජාති, ශාසන හිතෛෂීහු විශාල පිරිසක් නිදහස් සටනට එක්වූහ. චීවරය දරාගත් කඩහපොළ හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, රත්මලාගේ ධර්මාරාම හිමියන්, පැළෑනේ වජිරඥාන හිමියන් ඇතුළු අප ගෞරවනීය සංඝ පරම්පරාව මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහ.

දේශීයත්වය ගිලිහී යන්නට ඉඩ නොදී අප උරුමය රැක ගනු ලැබූවේ උන්වහන්සේලාය. ඇස්.ජී. පෙරේරා පියතුමා වැනි පියතුමන්ලා ද ආගමික භේදයකින් තොරව නිදහස වෙනුවෙන් කටයුතු කළ අතර මොනරවිල කැප්පෙටිපොළ, මඩුගල්ලේ, ඇහැළෙපොළ, කිවුලෙගෙදර මොහොට්ටාල, පුරන්අප්පු, ගොන්ගාලෙගොඩ බණ්ඩා, ඞී.බී. ජයතිලක වැනි දේශ හිතේශීන් නිදහස් සටන මෙහෙයවූහ.

ඇෆ්.ආර්.සේනානායක, ඩී.ඇස්. සේනානායක, ඩී.ආර්.විජයවර්ධන, පොන්නම්බලම් අරුණාචලම්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, පිලිප් ගුණවර්ධන වැනි දේශපාලන නායකයින් ද සැබෑ නිදහස වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබා දුන්හ.

ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමි, ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා වැනි විදේශිකයින් ද අප රටෙහි නිදහස් ව්‍යාපාරයට වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්හ.

සියවස් 4ක කාලයකටත් වඩා වැඩි විදේශ පාලනයකින් අනතුරුව නිදහස ලබා ගත් අපට අභියෝග රැසකට මුහුණ දීමට සිදු විණි. 1998 වසරේ නිදහස් උත්සවය මහනුවර දී පැවැත්වීමට නියමිතව තිබුණ ද ත්‍රස්තවාදීන් ශ්‍රී දළදා මාලිගය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කිරීම හේතුවෙන් එම නිදහස් උළෙල කොළඹ පැවැත්විණි.

එහෙත්, ඉන් වසර ගණනාවකට අනතුරුව ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ 2010 වසරේ 62 වන නිදහස් සමරුව මහනුවර ශ්‍රී දළදා මාළිග පරිශ්‍රයේ සමරන ලදී. එය මා මතකයේ හොඳින් පවතී. සියවස් ගණනක් වූ යටත් විජිත පාලනයෙන් ද, ජීවන නිදහස අහිමි කළ කුරිරු යුද්ධයෙන් ද අපි ජයග්‍රහණය කළෙමු. නොනැසී පැවතී ධෛර්යය සහ ජීවිත පරිත්‍යාගයන් එම ජයග්‍රහණයන්ට හේතු වූහ.

නිදහස් දිනය යනු අප මාතෘ භූමියට නිදහස උදා කර ගැනීමේ මතක සැමරුමයි. ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමගේ ස්වාභිමානයේ සැමරුමයි. එය සාමාන්‍ය සරල උත්සවයක් නොවේ. එය දේශයක අභිමානය ලොවට විදහා පාන අවස්ථාවයි. නිදහස් පොළොවක් දිනා දීම වෙනුවෙන් බොහෝ දේ විඳ දරාගත් අතීත මිනිසුන් සිහිපත් කරන දිනයයි. නිදහස් අභිමතාර්ථ වෙනුවෙන් කැප කිරීම් කළ විරුවන් අගයන දිනයයි. රට රකින ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු නිල දරුවන්ගේ වීරත්වය සහ අභිමානය විඳින මෙන් ම එම වීරත්වයට ගරු කරන දිනයයි. උපන් බිමට ආදරය කිරීමට දරුවන්ට කියා දෙන අවස්ථාවයි. මෙම 78 වන නිදහස් සමරු දිනයේ දී ප්‍රෞඪ අභීත ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ආදරණීය මගේ ජනතාවට නිදහස් සහ ගෞරවනීය ජාතියක් ලෙස ඉදිරියට යාමට සුබ පැතුම් පිරිනමමි.මාතෘ භූමියට ජය.

- උපුටාගැනීම අවසන් -

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්