header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජනපතිගේ නිදහස් දින පණිවුඩය
Feb 04, 202606:35 AM
ජනපතිගේ නිදහස් දින පණිවුඩය
Mobitel 1278

78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වූ බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

එමෙන්ම අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට සමත්වූ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් දැනුම් දී තිබේ.

- උපුටාගැනීම -

අප ලද සාර්ව ආර්ථික ප්‍රතිලාභ ලංකාවේ සියලු පළාත්වල සියලු ජාතීන්ට අයත් ප්‍රජාව වෙත ගලා යාමට සැලැස්වීම අපගේ ඊළඟ ප්‍රධාන අරමුණ වේ. එය සිදු නොකර, අලුතින් ගොඩනැඟෙන සංවර්ධන ක්‍රියාදාමයේ සැබෑ රිද්මය සාක්ෂාත් කිරීමට නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

මෑතකාලයේ සිදු වූ විශාලතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දීමට අපට සිදුවිය. එම ව්‍යසනයේ අත්දැකීම වේදනාකාරී වුවද, ගෙවුණු වසර එකහමාරක කෙටි කාලය තුළ අප ගොඩනඟා ගත් ස්ථාවර පදනම් මත, සියලු පාර්ශ්වයන්ගේ සහායද සහිතව, යළි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තුළ අපි සාර්ථකව ඉදිරියට පියමං කරමින් සිටිමු.

නිදහස ලබා ගෙවුණු කාලය තුළ, නිවැරදි දිශානතියක් කරා අප රට යොමු කිරීමටත්, ජාතික වශයෙන් ළඟා කර ගත යුතු ඉලක්ක ළඟා කර ගැනීමටත්, එකමුතුව ජීවත් වීමටත් ලැබූ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථා බොහෝවිට මඟ හැරී ඇත. එහෙත්, මෙවර එම වරද නැවත සිදුනොකර, අප රට පැවතියාටත් වඩා දියුණු, ශක්තිමත් සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ තිර අදිටනින් යුතුව අපි වෙහෙසෙමු.

එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ අපගේ අභිමානවත් සංස්කෘතිය, පෞරාණික ඉතිහාසය සහ අගනා උරුමයන් ආරක්ෂා කර ගනිමින්, ඒ මත සවිමත් ලෙස දෙපා තබාගෙන බවද මෙහි ලා සිහිපත් කරමි.

විසිවන සියවස තුළ උපන්, එහෙත්, බොඳව ගිය අභිමානවත් රටක් පිළිබඳ වූ සිහිනය, විසිඑක්වන සියවස තුළ සැබෑ කරමින්, රටේ ජනතාව අපේක්ෂා කරන දියුණු, ඉසුරුමත් සහ යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟා, අප ප්‍රාර්ථනා කරන නව යුගය නියත වශයෙන්ම නිර්මාණය කළ හැකි බවට මා සතුව ඇත්තේ අචල විශ්වාසයකි. එහිදී මෙරට සියලු පුරවැසියන්ගේ ශක්තිය, ඔවුන්ගේ සාමුහිකත්වය සහ නොසැලෙන ගුණය කෙරෙහි අපි දැඩිව විශ්වාස තබා ඇත්තෙමු.

ගෙවුණු සියවසේ මඟහැරුණු ජයග්‍රහණ මෙරටට අත්කර දෙමින්, සියලුදෙනා එක්ව දකින සුන්දර සිහිනය වන ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම සඳහා, එකමුතුව, තිර අදිටනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු'යි සියලු පුරවැසියන්ට යළි ආරාධනා කරමින්, නිදහසේ සැබෑ අරමුණු කරා අප රැගෙන යාමට දිරි වඩන, අර්ථවත් ජාතික නිදහස් දිනයකට සුබපැතුම් එක් කරමි.

- උපුටාගැනීම අවසන් -

මේ අතර 78 වන නිදහස් දිනය සමරනු ලබන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

නිදහස් දිනය සම්බන්ධයෙන් සුබ පැතුම් පණිවුඩයක් එක්කරමින් ඇය පවසන්නේ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟින් අපි අලුත් මඟකට යොමු වී ඇති බවය.

සාරධර්මවලින් පිරි ශ්‍රී ලංකික ජාතියක් ගොඩනැගීම සඳහා සියලුදෙනාගේම දායකත්වය ලබා දියයුතු කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍යවරිය පවසයි.

පටු දේශපාලන අරමුණු පසෙකලා සමස්ථ ජාතියේ උන්නතිය වෙනුවෙන් සියලුදෙනා අත්වැල් බැඳගතයුතු යුගය ආරම්භ වී ඇති බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්