පොලීසියට පහරදුන් පිරිසක් අත්අඩංගුවට
February 1, 2026 05:56 pm
මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ චෝදනාවකට පුද්ගලයින් සිව්දෙනෙකු මහඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගල්වලයාය අක්කර 1000 ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් ඇති අතර එහිදි පොලිස් නිලධාරීන්ට පුද්ගලයින් සිව්දෙනෙකු විසින් මෙලෙස පහරදීමක් සිදුකර ඇත.
පහර කෑමෙන් තුවාල ලැබු පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.
අදාළ පහරදීම සිදුකළ පුද්ගලයින් සහ ඒ සඳහා යොදා ගත් මුගුරක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (01) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
