ශ්‍රී ලංකාව වසර 12ක ඉතිහාසය වෙනස් කරයි ද?

ශ්‍රී ලංකාව වසර 12ක ඉතිහාසය වෙනස් කරයි ද?

February 1, 2026   11:18 am

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (01) නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. 

එහිදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හැරී බෘෘක් හට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, දසුන් ශානක විසිනි.

දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 11කින් ජයගත්තහ. 

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවෙති. 

ශ්‍රී ලංකාව තවදුරටත් තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂා කරන්නේ නම් මෙම තරගය ජයගැනීම අනිවාර්ය වේ.  

මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගන්නේ නම් එය වසර 12කට පසුව එංගලන්තයට එරෙහිව ඔවුන් වාර්තා කරන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරග ජයග්‍රහණය වනු ඇත. 

අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ජයගෙන ඇත්තේ, 2014 වසරේදීය.