header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය
Feb 01, 202608:50 AM
ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය
Mobitel 1278

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබේ.

ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුරය.

නව නමාගමක් ස්ථාපිත කර අධ්‍යක්ෂකවරුන් 7 දෙනෙකු පත් කර දැනට කළමනාකාර භාරයකින් පාලනය වන දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන පහක් මෙම සමාගම යටතට පත් කිරීම පිළිබඳව වෙළෙඳ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම ඊයේ දිනයේදී පැවැත්විණි.

ඒ සඳහා විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා වන සුනිල් බියන්විල, රාජ්‍ය ආයතන නිලදාරීන් මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කණ්ඩායම්ද සහභාගී වී තිබේ.

මෙහිදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වෙළෙඳුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව විසින් සෘජුවම අමාත්‍යවරයාට දන්වා ඇත්තේ මෙම වෙළෙඳ ව්‍යාපාර වසර 35කට වඩා වැඩි කාලයක් විසින් වෙළෙන්දන් විසින් පවත්වාගෙන ආ ආයතනයක් බවය.

එමෙන්ම කිසිදු දැනුම්දීමක් නොමැතිව එක්වරම අමාත්‍යවරයාට අවශ්‍ය කණ්ඩායම් පත් කර තම වෙළෙඳ ව්‍යාපාර ස්ථාන පාලනය කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ඔවුන් අමාත්‍යවරයාට දන්වා තිබේ.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ව්‍යාපාරික ප්‍රජාව අමතමින් සඳහන් කර ඇත්තේ නව සමාගමක් ස්ථාපිත කර ඇත්තේ ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කර ඉතා සාධාරණ වෙළෙඳපළක් ජනතාවට ලබා දීම සඳහා වන බවය.

ඒ අනුව දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහෙන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන මෙම නව සමාගම යටතට පත් කර ඒවායේ ලැබෙන මාසික බදු මුදල් පරිපාලන කටයුතු සියල්ල ලබන මාසයේ සිට මෙම සමාගම වෙත ගෙවීම් කළ යුතු බව අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

මෙමගින් කිසිදු ආකාරයකින් ගොවීන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ අයිතිය අහිමි නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

කෙසේ නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කර ඇති වෙලෙඳ ප්‍රජාව විසින් දැනුම්දී ඇත්තේ කිසිදු දැනුම්දීමකින් තොරව සහ කිසිදු සොයාබැලීමකින් තොරව නව ආයතනයක් පිහිටුවා තමන් පවත්වාගෙන ආ ව්‍යාපාර පවරාදීමට නොහැකි බවත් දැනට ඉතා ශක්තිමක් කළමනාකරණ භාරයක් තුළින් වසර 30කට අධික කාලයක් ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන ආ බවත්ය.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කිරීම සඳහා මින් පෙර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවසර ලබා ගෙන ඇති සමාගම සඳහා වෙළෙඳ සංගම් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කළ එම වෙළෙඳ ප්‍රජාව මෙහිදී අමාත්‍යවරයාට චෝදනා කර ඇත්තේ එම කැබිනට් අනුමැතිය ලබාගෙන තිබූ සමාගමේ නාමයද ඉතා සූක්ෂම ලෙස වෙනස් කර නව සමාගමක් පිහිටුවීමට අමාත්‍යවරයා විසින් කටයුතු කර ඇති බවය.

මේ සඳහා කිසිදු කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැති බවත් ඔවුන් අමාත්‍යවරයා වෙත චෝදනා කර තිබේ.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසර 29ක කාලයක් තුළ රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන සියලු සංවර්ධන කටයුතු සිදුකරමින් මේ වන විටත් කළමනාකරණ භාරයේ රුපියල් කෝටි 25ක මුදලක් ඉතිරි කර ඇති බවත් ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව ගොවි ජනතාවට පොලී රහිත ණය, බීජ ආදි එළවලු වගාව සඳහා වියදම් කරමින් මෙම ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත් එවැනි අවස්ථාවක කිසිදු ආකාරයෙන් නොදන්නා සමාගමකට තම අයිතිය ලබා දීමට සූදානම් නොමැති බවත් වෙළෙඳ ප්‍රජාව විසින් අමාත්‍යවරයාට පවසා තිබේ.

මේ සඳහා අමාත්‍යවරයාද ප්‍රති උත්තර ලබා දීමට සූදානම් වීමේදී ව්‍යාපාරිකයින් සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇති අතර මෙහිදී ව්‍යාපාරිකයින් විසින් අමාත්‍යවරයාට පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ලට පැමිණ මැතිවරණ පොරොන්දුවක් ලෙස තිස් අවුරුදු බදු ගිවිසුමක් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් වෙත ලබා දෙන බව පැවසූ බවය.

කෙසේ නමුත් ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලබා දී ඇති සමාගම සහ වෙළෙන්දන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති වෙළෙඳ නාමය අතර පරස්පරතා පවතින බවය.

මීට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලැබී ඇති සමාගමේ නාමය පසුව වෙනස් කළ බවත් ඒ සඳහා ඉදිරියේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් බවය.

කෙසේ වෙතත් මේ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ මේ පිළිබඳව තවදුරටත් සලකා බලා සමාගම සහ ව්‍යාපාරික ප්‍රජාව සමග එළැඹෙන ගිවිමසුම් ගැන සාකච්චා කිරීමට තමන් ඉදිරි දිනයක් ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ