නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන ලෙස දිලිත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි
January 31, 2026 10:32 pm
නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරටට අත්‍යවශ්‍ය බවත් , එය සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන ක්‍රියාත්මක කළ යුතු බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
පදවියේ පැවැති වැඩසටහනක් අමතමින් දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළ කළේය.
"නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා අපි කියන්න පටන් ගත්තේ අවුරුදු විස්සකට කලින්. දැන් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. නමුත් කලබලයේ ගෙනඑන සීයාට ආච්චි කියලා දාලා ආච්චිට සීයා කියලා දාලා තියෙනවා පළවෙනි හෝඩිය පොතේ. මේ පොතේ හැම පිටුවක් පිටුවක් පාසාම තියෙන්නේ වැරදි. කවුරු හරි කියනවා නම් අපි ආණ්ඩුව ගේන දෙයකට විරුද්ධ වෙනවා කියලා.. ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙනවා කියලා.. ඒක මහා ගොං කතාවක්.
මේකේ තියෙනවා නියම පොතක්. හකුළ ගත්ත හයවැනි පන්තියට දාපු පොතේ ව්‍යවසායකයින්ගේ නම් තියෙනවා ලෝ ප්‍රකට ව්‍යවසායකයින්. අංක එක - ඒ.ටී. ආරියරත්න. ඒ.ටී. ආරියරත්න ව්‍යවසායකත්ව වැඩ කරලා තිබුණාට ලෝකයෝ කවුද හිතන්නේ.? ලංකාවේ කවුද හිතන්නේ.? උපාලි විජේවර්ධන හිටිය රටේ. ඊළඟට අපේ සිද්ධාලේප මුදලාලි දාලා තියෙනවා. ලෝ ප්‍රකට දෙවැනි ව්‍යවසායකයා හෙට්ටිගොඩ මහත්තයා. තුන්වැනි තැනට දාලා තියෙනවා පොඩි කඩයක් කරගෙන ඉන්න හිතවත් නංගී කෙනෙක් අචලා කියලා එයාගේ නමත් දාලා. එයාට කෝල් කරලා ඇහුවාම එයා දන්නෙත් නැහැ ඇයි එයාගේ නම දාලා තියෙන්නේ කියලා.
ඊළඟට තියෙනවා බිල් ගේට්ස්, ඊට පස්සේ තියෙනවා වොරන් බෆට්. ඊට පස්සේ ඊලෝන් මස්ක්. ඒ අතරේ තමයි හෙට්ටිගොඩගේ නමයි, ආරියරත්න මහතාගේ නමයි තියෙන්නේ. මුන්ට ඔල්මාද ලොව ප්‍රකට ව්‍යවාසකයෝ කියලා යකෝ මේ රටේ කීදෙනෙක් ඉන්නවා ද.? ලොවම හොල්ලපු ව්‍යවසායකයෝ. දැනටත් හොල්ලන සන්නාම කීයක් තියෙනවා ද? මේ පිටුව කියවපු කිසිම පොඩි දරුවෙක් ජීවිතයට ව්‍යවසායකත්වය ඉගෙනගන්නේ නැහැ. ඔබ නිකම් කියවලා බලන්න මොඩියුලවල මොනවාද තියෙන්නේ කියලා. ඉතිං අපි කියන්නේම මේක ප්‍රතිසංස්කරණය කරන්න. අපිත් සහයෝගය දෙන්නම්. අපි යෝජනා දෙන්නම්. නියමු ව්‍යාපෘතියක් දාලා දෙමාපියන්ගේ අදහස් අරගෙන, ළමයින්ගේ අදහස් කරගෙන, ගුරුවරුන්ගෙන් අදහස් අරගෙන, අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් අරගෙන කරමු කියලයි කියන්නේ. එපා කියලා නෙවෙයි."
