
අද මධ්යම රාත්රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
ඩීසල් මිල රුපියල් 31 න් ඉහළ නැංවීමට එරෙහිව මෙම තීරණයට එළඹි බවත්, අද පෙරවරු 11.00 ට සිය සංගමය රැස්ව මේ පිළිබඳව සාකච්ඡා කර වර්ජනය පිළිබඳව අවසන් තීරණයකට එළඹුණු බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ ආකාරයෙන් ඉන්ධන මිල දැඩි ලෙස ඉහළයාම හේතුවෙන් දැවැන්ත පාඩුවක් සිදුවන බවත්,බස් ගාස්තු ඉහළ නැංවීමට අවසර ලබා නොදෙන්නේනම් යම් සහනාධාරයක් හෝ ලබාදීමට කටයුතු කළ යුතු බව හෙතෙම අද කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.
එහෙත් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්රියන්ජිත් මහතා කියා සිටියේ තම සංගමය සුපුරුදු ලෙස බස් රථ ධාවනයේ යෙදෙන බවයි.
මගී ජනතාව අපහසුතාවට පත්කිරීමට හෝ කඩාකප්පල්කාරී ක්රියාවන්ට තමන් උඩගෙඩි නොදෙන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


















































