විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
January 27, 2026 02:59 pm
ගත වූ මාස 08කට ආසන්න කාලය තුළ ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වීම මෙන්ම වැඩ බලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු මේ දක්වා විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම හේතුවෙන් විවිධ පාර්ශ්ව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ මත භේදයන් ඇති කිරීමට උත්සහ දරමින් ඇති බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ගෙනයනු ලබන ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳව ද සෘණාත්මක මතවාද සමාජගත කිරීමට ද ඇතැම් පාර්ශ්ව මෙම සිදු වීම යොදා ගනිමින් සිටින බවය.
එමෙන්ම විගණකාධිති ධුරය වැනි රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිද භාවය තහවුරු කිරීමේ වගකීම් සම්භාරයක් පවතින තනතුරක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර නිලධාරියෙකු පත් කිරීම යෝග්‍ය නොවන බවද උන්වහන්සේ එම ලිපියෙන් දැනුම් දී ඇත.
එහෙයින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කොට ඇති දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති තනතුරු සඳහා පත්කිරීම සුදුසු බවත් එය ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන දේශය සමෘද්ධිමත් කිරීමේ ක්‍රියාපිළිවෙතට ද ශක්තියක් වනු ඇති බවත් උන්වහන්සේ එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
