අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
February 11, 2012 09:02 pm
අද(11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඔක්ටේන් 90 හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 බැගින් ඉහළ නැංවෙන අතර රුපියල් 137 ක් වූ ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149 කි.
රුපියල් 155 ක් ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167 ක් වේ.
ඩීසල් ලීටරයක මිල රුපියල් 31 න් ඉහළ නැංවෙන අතර ඒ අනුව රුපියල් 84 ක් වූ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 115 කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35 න් ඉහළ නැංවෙන අතර රුපියල් 71 ක් වූ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 106 ක් වනු ඇත.
කෙසේවෙතත් මෙම මිල සංශෝධනය මගින් පොදු ප්‍රවාහන සේවාවන්ට කිසිදු බලපෑමක් සිදුනොවන අයුරින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පුද්ගලික බස් රථ, ධීවර කාර්මිකයින්, පාසල් ප්‍රවාහන සේවා, ත්‍රිරෝද රථ ඇතුළු පොදු මගී ප්‍රවාහන සේවා සඳහා විදේශ ඉන්ධන සහන සැලසීමට රජය කටයුතු යොදා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ලංකා ඉන්දීය ඔයිල් සමාගම ද මෙම මිල ඉහළ නැංවීමට සාපේක්ෂ්ව පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 න් හා ඩීසල් ලීටරයක් රුපියල් 31 බැගින් මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ.