header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නෑ- අමාත්‍ය නලින්ද
Jan 20, 202603:14 PM
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නෑ- අමාත්‍ය නලින්ද
Mobitel 1278

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ජනතාව සහ සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ යම් යම් පාර්ශ්ව තුළ මතුව ඇති ව්‍යාකූලත්වය සමග අධ්‍යාපන ප්‍රතිසංස්කණ ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් ඒ අනුව මේ සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්ය.

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වය මත සිදු කෙරෙන විමර්ශන සඳහා මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළුව තවත් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

තවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නොමැති බවත් එම කටයුතුවලට අදාළ අනෙකුත් සියලු කරුණු මේ වන විටත් සිදුවෙමින් පවතින බවද පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පළමු ශ්‍රේණියට අදාළව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළැඹෙන ජනවාරි 29 වැනි දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවය.

එමෙන්ම 6 ශ්‍රේණියට අදාළ විෂය මාලාව පමණක් තාවකාලිකව ක්‍රියාවට නැංවීම නතර කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම කාලය තුළ මේ සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කර පවතින ව්‍යාකූලත්වය තුරන් කිරීමට හැකිවනු ඇති බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"තවමත් විපක්ෂයේ කණ්ඩායම් තැනින් තැන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර් මතයක් ප්‍රකාශ කරමින් ඉන්නවා. අපි රජයක් හැටියට ස්ථාවරයේ ඉන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ මේ රටක එක් පරම්පරාවක් අධ්‍යාපනික ලෙස වෙනස් කරලා මේ රටේ ජාතික සංවර්ධනයට දායක කරගන්න වගේ කාරණා කිහිපයක් ඇතුළුව දැවැන්ත ප්‍රතිසංස්කරණයක් මේ ආදි හැටියට කුඩා හෝ කණ්ඩායමක විචිකිච්චාවක් සහ ව්‍යාකූලත්වයක් සහිතව ඉස්සරහට යන්න බෑ කියලා. ඒ අනුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න සහ ඒ පාර්ශ්වයන් සමග විදිමත් සාකච්ඡාවකට කාලය ලබා ගන්න රජය අදහස් කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරලා නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව අනෙකුත් කටයුතු සිදු වෙනවා. විෂය මාලාව වෙනස් වීමේදී පළවෙනි ශ්‍රේණියට අදාළ කරන විෂය මාලාව වෙනස් වීම සිදුකරලා තියෙන්නේ එය ජනවාරි 29 වැනිදා ආරම්භ වෙනවා. 6 වැනි ශ්‍රේණියට අදාළ විෂය මාලාව පමණක් මේ මාස කිහිපයක් නතර කරලා තියෙන්නේ. ඒ කාලය තුළ අපිට පුළුවන් කම ලැබේවි කීප දෙනෙක් හදන ව්‍යාකූලත්වය අහෝසි කරන්න.

අපි මේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා විපක්ෂය ගේන විශ්වාසභංගයට අපි දිනත් ලෑස්ති කරලා දුන්නා. මේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා අපි ලෑස්තියි ඒ විශ්වාසභංගයට ලෑස්ති වෙන්න. අද වෙනකන් ඒ විශ්වාසභංගය බාරදීලා තිබුණේ නෑ... විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව විශ්වාසභංගයක් භාර දෙන්නේ නැත්නම් ආණ්ඩුව පැත්තෙන් අපි තීන්දු කරලා තිබෙනවා මේ බ්‍රහස්පතින්දා දවස සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුව ගේන කල් තැබීමේ යෝජනාව විවාදයට ගන්න. රජයක් හැටියට අපිට වගකීමක් තිබෙනවා මේ තිබෙන සැක සංකා අහෝසි කරලා දාලා සියලු දෙනාම අනුගත කරගෙන යන්න ඒකට යම් කාලයක් ගත කරන්නට සිද්ධ වේවි."

MostRead
Mobitel 1278
VideoStories
 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී