සයුරෙන් එතෙර
සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ දිවි ගමනට සමුදෙයි
January 20, 2026 06:32 am
සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ ගරාවානි ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය යන විට ඔහු 93 වන වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
20 වන සියවසේ විලාසිතා ක්ෂේත්රයේ දැවැන්තයෙකු වූ වැලන්ටිනෝගේ නිර්මාණ සම්මාන ගණනාවකට ද පාත්‍ර වී තිබේ.
2023 දෙසැම්බර් මාසයේදී, ලන්ඩනයේ රාජකීය ඇල්බට් ශාලාවේ පැවති බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උළෙලේදී ඔහුට විශිෂ්ට ජයග්‍රහණ සම්මානයෙන් ද පිදුම් ලැබීය.
එලිසබෙත් ටේලර්, නැන්සි රේගන්, ෂැරන් ස්ටෝන්, ජූලියා රොබට්ස් සහ ග්විනේත් පැල්ට්රෝ ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් සඳහා ද ඔහු විසින් නිර්මාණකරණයේ යෙදී ඇත.
2013 ජුනි මාසයේදී බ්‍රිතාන්‍ය-ඇමරිකානු මූල්‍යකරුවෙකු වන ක්‍රිස්ටෝපර් ඕ'නීල් සමඟ විවාහ වූ විට ස්වීඩනයේ මැඩලීන් කුමරියගේ මංගල ඇඳුම නිර්මාණය කළේ ද වැලන්ටිනෝ විසිනි.
වැලන්ටිනෝගේ අවමංගල්‍ය දේව මෙහෙය ශාන්ත මරියා බැසිලිකාවේ දී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ස්පාඤ්ඤ සංචාරයකින් ආභාෂය ලබා ගනිමින් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගත් ඔහු "වැලන්ටිනෝ රතු" භාවිතා කරමින් සුප්‍රසිද්ධ ෆියෙස්ටා ඇඳුම එළිදැක්වීමත් සමඟ සිය සන්නාමය ගෝලීය කීර්තියට ඔසවා තැබීමට සමත් විය.
2008 දී වැලන්ටිනෝගේ අවසන් එකතුව සඳහා ද සියලුම නිරූපිකාවන් අවසන් තරගයට රතු ඇඳුම් ඇඳ සිටීමත් විශේෂත්වයකි.
