
ග්‍රීන්ලන්තය ආක්‍රමණය කිරීමේ හේතුවක් ලෙස චීනයේ නම භාවිතා කිරීම අමෙරිකා එක්සත් ජනපදය වහා නතර කළ යුතු බව චීනය පවසයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ග්වා ජවාකුං එක්සත් ජනපදයට අනතුරු අඟවමින් එම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනය තවදුරටත් පවසන්නේ තමන් ආක්ටික් කලාපයේ සිදුකරන ක්‍රියාදාම ජාත්‍යන්තර නීතියට අනුකූලව සිදුකරන බවත්ය.
රුසියාව සහ චීනය හමුවේ අමෙරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බව ට්‍රම්ප්ගේ මතය වන අතර එය කෙසේ හෝ අත්පත් කරගන්නා බව ට්‍රම්ප් අවස්ථා රැසකදී පවසා තිබුණි.


















































