ඔබේ නමත් සඳට යැවීමට නාසා ආයතනයෙන් අවස්ථාව
January 19, 2026 01:42 pm
නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ඓතිහාසික Artemis II මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට ලොව පුරා මහජනතාවට දැන් අවස්ථාව පවතියි.
“Send Your Name with Artemis II” නමැති මෙම විශේෂ වැඩසටහන යටතේ ලියාපදිංචි වන පුද්ගලයන්ගේ නම්, සඳ වටා ගමන් කිරීමට නියමිත ඔරියන් (Orion) යානයේ තැන්පත් කෙරේ.
මෙම Artemis II මෙහෙයුම, නාසා ආයතනය විසින් සඳ වෙත මිනිසුන් රැගෙන යාම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහනේ පළමු මිනිස් සහිත අභ්‍යවකාශ චාරිකාව ලෙස වාර්තා වේ.
ඒ අනුව, තෝරාගත් ගගනගාමීන් පිරිසක් සමඟ මහජනතාවගේ නම් ඇතුළත් දත්ත ගොනුව ද රැගත් ඔරියන් යානය 2026 අප්‍රේල් මාසයේදී දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම මගින් ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය දියුණු තාක්ෂණික පද්ධති සජීවීව පරීක්ෂාවට ලක් කෙරේ.
මෙම සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වීමට කැමති ඕනෑම අයෙකුට නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා සිය නම ඇතුළත් කර අතථ්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් (Virtual Boarding Pass) ලබා ගැනීමට ද පහසුකම් සලසා ඇත.
Don't miss your chance to #SendYourName to the Moon! 🌕
— NASA Marshall (@NASA_Marshall) January 18, 2026
We’re collecting names that will be included on an SD card that will fly inside Orion during the Artemis II mission.
Don't forget a boarding pass for your furry friends, kids, and loved ones, too >>… pic.twitter.com/KBwHXRx3Eq
