මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට
January 19, 2026 01:20 pm
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (18) දිනයේදී සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඉන් 23 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර දෙදෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කර ඇත.
එමෙන්ම හෙරෝයින් ග්‍රෑම් 321ක්, අයිස් ග්‍රෑම් 606ක් සහ ගංජා ග්‍රෑම් 636 හා ගංජා පැල 28,845ක් සිය භාරයට ගත් බව පොලීසිය නිවේදනය කරයි.
කුෂ් ග්‍රෑම් 510ක්, හෂීෂ් ග්‍රෑම් 159ක් සහ මත්පෙති ග්‍රෑම් 240ක් ද මෙම වැටලීම්වලදී සොයාගෙන තිබේ.
