header logo
SLIC
උණුසුම් පුවත්
ආනයනික ලුණු අඩංගු බහාලුම් 1000කට වැඩි සංඛ්‍යාවක් වරායේ සිරවී මාස 6ක්
Jan 19, 202606:52 AM
ආනයනික ලුණු අඩංගු බහාලුම් 1000කට වැඩි සංඛ්‍යාවක් වරායේ සිරවී මාස 6ක්
Mobitel 1278

ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් කාලය අවසන් වීමෙන් පසු මෙරටට ආනයනය කළ ලුණු අඩංගු බහාලුම් දහසකට වැඩි සංඛ්‍යාවක් මාස 06කට අධික කාලයක් වරායේ ගුදම්වල සිරව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඊට අමතරව තවත් ලුණු අඩංගු බහාලුම් 700කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර සහ ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනයේ අනුමැතිය ප්‍රමාදව රේගුවේ ස්ථාන කිහිපයක සිරව ඇති බව ද සඳහන් වේ.

පසුගිය වසරේ මෙරට පැවති ලුණු හිගයට විසදුම් ලෙස රජය විසින් ලුණු ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබා දීමට කටයුතු කෙරිණි.

ඊට අදාළ ගැසට් නිවේදනයක් රජය නිකුත් කළ අතර එහි දැක්වුණේ පසුගිය ජුනි 10වනදාට පෙර ඒවා මෙරටට ආනයනය කළ යුතු බවය.

කෙසේවෙතත් අදාළ කාලය අවසන් වීමෙන් පසු ආනයකරුවන් විසින් මෙරටට ලුණු ගෙන්වා ඇති අතර මේ වන විට වරායේ රදවා ඇත්තේ එලෙස ගෙන ආ ලුණු බව සඳහන් වේ.

අදාළ බහලුම් සිරවීම සම්බන්ධයෙන් අද දෙරණ රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් විමසීමක් සිදු කළේය.

එහිදී ඔහු සදහන් කළේ ලුණු ආනයනය සදහා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන බවත්, මේ වන විට අදාළ ලුණු අඩංගු බහාලුම් ප්‍රතිඅපනය කිරීම සඳහා ආනයනකරුවන් දැනුම් දී ඇති නමුත් ඔවුන් ඒ සඳහා කටයුතු නොකරන බවත් ය.

කෙසේවෙතත් ලුණු ආනයනය කළ එක් සමාගමක් විසින් අධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර ඇති බව වාර්තා වේ.

මේ අතර වරායේ සිරව ඇති අදාළ බහාලුම් සම්බන්ධයෙන් අද දෙරණ වරාය අධිකාරියේ සභාපති සිරිමෙවන් රණසිංහ මහතාගෙන් ද විමසීමක් සිදු කළේය.

එහිදී ඔහු සදහන් කළේ අදාළ ගැටලුව විසදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුකරමින් පවතින බවය.

මේ අතර වරායේ ආනයන හා අපනයන සහ ප්‍රතිඅපනයන බහාලුම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් එම මෙහෙයුම් සේවා සහ නිෂ්කාශනය කටයුතුවල තදබදය අවම කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පසුගිය දා පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දී ඇති අතර වරාය අධිකාරිය විසින් ස්ථාපිත කරන ලද බ්ලූමැන්ඩල් අංගනයට අඩු අවදානම් බහාලුම් යොමුකර රේගු දෙපාර්තමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ නිෂ්කාශන කටයුතු වේගවත් කිරීමට ද එහිදී තීරණය කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ