
මේ දිනවල උදෑසන කාලයේ නුවරඑළිය ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල මල් තුහිණ පතිත වී තිබෙන අයුරු දක්නට ලැබේ.
සෑම වසරකදීම පාහේ දෙසැම්බර් මාසයේදී මෙම මල් තුහිණ දක්නට දැබුණද මෙම වසරේදී එව ජනවාරි මාසයේ දී දක්නට ලැබෙන බව අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසයි.
තණකොළ, ඇළ ඉවුර, මල් උද්‍යාන, තේ ගස්, විසිතුරු ගස් සහ එළවළු පාත්ති මත අයිස් අංශු තැම්පත් වීම තිබෙන අයුරු පහත සඳහන් ඡායාරූප වල දක්නට ඇත.
කෙසේ වෙතත් මෙම මල් තුහිණ පතිත වීමෙන් තේ, එළවළු සහ මල් නිෂ්පාදනයට විශාල බලපෑමක් සිදු වී ඇති අතර, විශේෂයෙන් තේ ගස්වල කොළ පිළිස්සීමකට ලක් වන බව වගාකරුවන් පවසයි.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)





























































