
රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ දෛනික පොලිස් සෝදිසි මෙහෙයුම් පිළිබඳ වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.
ඊයේ (17) දිනයේදී මෙම දිවයින පුරා පොලීසිය විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවන් 882ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම සැකකරුවන් 09 දෙනෙකුට රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර එක් පුද්ගලයෙකු පුනරුත්තාපනයටද යොමු කර තිබේ.
තවද මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 400ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අයිස් කිලෝ 1 ග්‍රෑම් 11ක්ද කෙකේන් ග්‍රෑම් 500ක්ද පොලීසිය විසින් මෙහිදී සිය භාරයට ගෙන ඇත.
එම සම්පූර්ණ වාර්තාව පහතින්,

















































